අමිත් ඇතුළු 27 දෙනාට තවම ඇප නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 3, 2018

අමිත් ඇතුළු 27 දෙනාට තවම ඇප නෑ


තෙල්දෙණිය ප්‍රදේශයේ දී තරුණයකුට පහර දී ඝාතනය කිරීමෙන් පසු දිගන හා මාරගහමුල ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධ අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 27 දෙනාට ඇප ලබා දීම ප්‍රතිකේෂ්ප කළ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු එම්. එච්.
පරීක්සීන් මහතා එම පිරිස මෙමස 14 දා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (02) නියෝග කළේ ය.  මෙම සැකකරුවන් අතර සිටින හත්වන සැකකරු වන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මන්ත්‍රී සමන්ත පෙරේරාට මැයි නවවැනි දා

පෙරවරු අටයි තිහට එම සභාවේ මාසික මහා සභා රැස්වීමට සහාභාගි වීමට අවසර ලබා දෙමින් එම සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ සභා සැසියට ඉදිරිපත් කිරීමටත් එදින නියෝග කළේය.

මෙම නඩු කටයුතු තුන පිළිබඳව තවදුරටත් වීමර්ශන කටයුතු සිදුකරන බව තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පක්ෂක ආර්, එම්, එස්. රණවීර මහතා සමග උප පොලිස් පරීක්ෂක උපාලි චන්ද්‍රසිරි මහතා කරුණු දක්වමින් කියා සිටියේස්ය. මෙම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සරත් ප්‍රේමකුමාර. සමන් රත්නායක, සුදත් ගුණස්කර, බාස් රඹුක්වැල්ල හා ලහිරු ගලප්පත්තිගේ මහතා පෙනී  සිටියහ. මැයි 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් විසිහත් දෙනාගෙන් විසි හයදෙනකු පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත ද මහාසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ දැඩි රැකවරණ යටතේ අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරය වෙත ද රැගෙන ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad