කොතලාවල පීඨයේ 21 හැවිරිදි තරුණයාගේ අභිරහස් මරණය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 1, 2018

කොතලාවල පීඨයේ 21 හැවිරිදි තරුණයාගේ අභිරහස් මරණය


මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ පසුගිය වෙසක් පුන් පොහෝ දින 21 හැවිරිදි තරුනයෙකුගේ අභිරහස් මරණයක් නිසා ශෝකයෙන් ඇලළී ගියේය. සුදුවතින් සැරැසුණු බොහෝ දෙනකු වැල නොකැඩී පැමිණියේ කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් අධ්‍යාපනය හැදෑරූ වීදුර අල්විස් තරුණයාගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමටය.
විදුර සිය පවුලේ එකම පිරිමි දරුවාය. මියයන විට විදුරගේ වයස වසර  විසි එකකි. ඔහුට එක් වැඩිමහල්  සොහොයුරියක් සහ බාල සහෝදරියක්ද සිටී  පවුලේ දෙවැනි දරුවා වූ විදුර මහනුවර කිංස්වුඩ් විදුහලේ  අධ්‍යාපනය හැදෑරුවෙකි. දක්ෂ ක්‍රීඩකයකු වූ ඔහු වසර දොළහේ සිට රගර්, බාස්කට් බෝල් සහ මලල ක්‍රීඩාවලට දස්කම් දැක්වූවේය.විදුර මධ්‍යම පළාතේ දක්‍ෂතම බාස්කට් බෝල් ක්‍රීඩකයා ලෙසද වර්ණ ලැබීය. විදුහලේ ශිෂ්‍ය නායකයෙක් ලෙස කටයුතු කළ විදුර කිංස්වුඩ් විදුහලේ කැපී පෙනුණු චරිතයක් විය.

ක්‍රීඩාවට පමණක් නොව අධ්‍යාපනයටද

මහත් දස්කම් දැක්වූ විදුර අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) ඉහළින්ම සමත් වූවෙකි. උසස් පෙළ නිමාවීමත් සමඟ විදුර කොතලාවල ආරක්‍ෂක විද්‍යා  පීඨයට අයදුම් කළ අතර ඔහු එක එල්ලේ එයට තේරී පත්විණි. පසුව ඔහු නාවික හමුදාවේ කෙඩෙට් නිලධාරී උපාධි පුහුණුව ලැබීය. පසුගිය ජූලි මස ත්‍රිකුණාමලයේ මාස හයක පුහුණුවක් ලැබු විදුර ජනවාරී මස සිට කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයේ උපාධිය හදාරමින් සිටියේය.

පසුගිය සිංහල අලුත් අවුරුද්දට අප්‍රේල් එකොළොස් වැනි දින සිය නිවෙසට පැමිණි විදුර අප්‍රේල් 16 වැනි දින නැවත කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය බලා පිටව ගියේය. ඒ වනවිටත් කිසිදු අසනීපයක් නොතිබුණු විදුර එක්වරම අසනීප වීම නිසා දින තුනක් රෝගී තත්ත්වයෙන් කොතලාවල ආරක්‍ෂක පීඨයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා තිබේ. ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමඟ විදුර නාරාහේන්පිට රෝහලට ඇතුළත් කළ බව විදුරගේ මවුපියන් දැනගෙන ඇත්තේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන තවත් සිසුවකු මඟිනි. ඒ නිසා ඊට පසුදින සිය දරුවා බැලීමට විදුරගේ මවුපියන් සුදානම් වී සිටියත් එදින පෙරවරු  හතට පමණ ඔවුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ විදුර මියගිය බවයි.

විදුරගේ නෑදෑ හිතමිත්‍රාදීහු විදුරගේ මරණය පිළිබඳව සැක කරති. විදුරට යම් රෝගී තත්වයක් තිබුණේ නම් වෛද්‍ය පරීක්‍ෂණවලට එය හසු නොවීමද පුදුමයකි. විදුර දින තුනක් ඔස්සේ අසනීප වී සිටියේ නම් විදුර මුලික රෝහල් ගත නොකළේ මන්දැයි කාටත් ප්‍රශ්නයකි. විදුර අසනීප වී ඇති බව කොතලාවල විද්‍යා පීඨයේ බලධාරීන් ඔහුගේ මවුපියන්ට නොදැන්වූයේ මන්දැයි සමහරු විමසති. රෝහල් ගත කර ඔහුගේ අසනීප තත්ත්වයට මුලින්ම ප්‍රතිකාර කළේ නම් විදුර තවමත් ජීවතුන් අතර සිටින බවද බොහෝ අයගේ අදහසයි.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන් පිළිබඳව බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව විදුර සිය මරණයෙන් සටහන් කර ඇත. ඒ පණිවුඩය ලොවට ඉතිරී කර දහසක් දෙනාගේ සෝ සුසුම් මැද විදුර ඊයේ (30දා) සවස මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සදහටම වෙන්වී ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad