2020 අලුත් පෙරමුණකින් ජනපති සටන අරඹනවා - චම්පික රණවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 7, 2018

2020 අලුත් පෙරමුණකින් ජනපති සටන අරඹනවා - චම්පික රණවක


කොළඹ නව නගර ශාලාවේ පැවති ජාතික හෙළ උරුමයේ ලෝක කම්කරු දින රැළියේදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.
            ‘කලින් තිබුණ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් තම තමන්ගේ රුචිකත්වය අනුව විවිධ
ව්‍යාපෘතිවලට යෙදෙව්වා. ඒවා කොයි තරම් දුරට නැවත ආයෝජනයක් වෙනවාද නැද්ද කියලා හොයා බැලූවේ නැහැ. බොරු ෂෝ තමයි කළේ. අදත් එහෙමයි කුරුණෑගල ඉඳලා ගලගෙදරට අධිවේගී මාර්ගයක් හදනවා.

නුවරට පැයෙන් යන්න කියලා.අපි කළ යුත්තේ ජනතාවට ප‍්‍රයෝජනවත් වෙන දේවල් මිසක් එක්කෙනෙකුගේ දෙන්නෙක්ගේ උවමනාවන් ඉටු කිරිමක් නෙවෙයි.
 අපි දෙදාස් පහළොවේදි ජීවිත පරිත්‍යාගයෙන් අලූත් ආණ්ඩුවක හදාගත්තා. තක්කඩින් කීප දෙනෙක් එකතුවෙලා රටේ ජනතාවගේ මුදල් ජාවාරම් කරන්න පටන් ගත්තා. මොවුන්  ජාවාරම් කරන්න යොදාගත්තේ මේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බකළ මුදල්. මේ රටේ ජනතාවට වෙනුවෙන සංවර්ධන කටයුතු කරන්න තිබෙන මුදල්. ඒ නිසා මෙවැනි තක්කඩින් සමඟ තවදුරටත් යන්න බැහැ.
අපි විස්සයි විස්සට අලූත් පෙරමුණක් හදනවා. අලූත් ගමනක් අපි ආරම්භ කරනවා. නව දේශපාලන සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා.‘

No comments:

Post a Comment

Post Bottom Ad