2020 දී ජනපති එක්සත් ජාතික පක්ෂයේ රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 6, 2018

2020 දී ජනපති එක්සත් ජාතික පක්ෂයේ රනිල්


එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (06) පැවැත්විනි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි විය.මම රැළිය අමතමින් අදහස් දැක් වූ
සෞඛ්‍ය අමාත්‍යවරයා -
“මේ වනවිට රජය ලබාදුන් පොරොන්දු රැසක් ඉටු කර තිබෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ දුෂිතයින්ට සහ මිනීමරුවන්ට නීතිය ඉදිරියේ දඩුවම් ලබාදිම පිළිබදවයි.
දුෂිතයින්, මිනීමරුවන්ගේ නඩු දිනපතා ඇසීමේ පනත ලබන 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන් පසු දිනපතා නඩු ඇසීමෙන් වරදකරුවන් නීතිය හමුවට ගේන්න පුලුවන්.
සමහරු කියනවා ආර්ථීකය කඩා වැටිලා කියලා.

නමුත් ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාත් බලයට පත් වී වසර ගණනාවකට පසු තමයි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ. 2017 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.4 ක් වෙනවා. ධීවර අපනයන සියයට 40 කින් වැඩි වී තිබෙනවා. නිමි ඇදුම් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. මේ වනවිට විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා වැඩි වී තිබෙනවා. විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 දක්වා වැඩී වී තිබෙනවා. සෘණ ආර්ෂිකයක් තිබූ ශ්‍රී ලංකාව යළි ස්ථාවර කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.
සමහරු කියනවා රාජපක්ෂ සමයේ දී වැඩිම සංවර්ධනයක් සිදු වුනා කියලා. නමුත් රාජපක්ෂ සමයේ දී අධිවේගී මාර්ග කිලෝමීටර් 160 ක් පමණයි ආරම්භ කළේ. වත්මන් රජය යටතේ අධිවේගී මාර්ග කිලෝමීටර් 195 ක් සැදීම ආරම්භ කර තිබෙනවා.
ව්‍යාපෘති පිළිබදව තොරතුරු ජනතාවට දැනුවත් නොවීමයි ප්‍රශ්නය.
2020 මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගන්න පුලුවන්.”





No comments:

Post a Comment

Post Bottom Ad