ප්‍රපාතයකට පෙරළී යතුරුපැදියක් පැදවූ 17 තරුණිය මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 9, 2018

ප්‍රපාතයකට පෙරළී යතුරුපැදියක් පැදවූ 17 තරුණිය මරුට

යතුරුපැදියකින් රන්මුල්ලකන්ද විහාරයට ගොස් ආපසු එමින් සිටි යුවළක් ප්‍රපාතයකට ඇදවැටීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලීසිය පවසයි. පෙරේදා සවස (07) සිදුවූ එම අනතුරින් බරපතළ තුවාල ලද 18 හැවිරිදි තරුණයා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු
කොළඹ ජාතික  රෝහලට මාරුකර යැවු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
   අනතුර හේතුවේන් ජීවතක්ෂයට පත්වූයේ මූණමල්දෙනිය දුනකෙයාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාරා ෂනක්ෂි සුසුවින්ධ්‍යා දිසානායක නමැති කුලියාපිටිය සුරදුත බාලිකා විදුහලේ 12 ශ්‍රේණියේ සිසුවියකි.


   පොලීසිය පැවැසුවේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ අයකු වූ කොළඹ ජාතික රෝහලට යැවූ තරුණයාගේ තත්වය බරපතළ බවයි. යතුරුපැදිය දැරිය විසින් පදවාගෙන පැමිණ මූණමල්දෙනිය ප්‍රදේශයේදී අදාළ තරුණයා නංවාගෙන රත්මලුකන්ද ප්‍රදේශයට ගොස් ඇති අතර තරුණයාගේ මිතුරන් දෙදෙනකුද වෙනත් යතුරුපැදියකින් ගමනට සහභාගී වී ඇත. නැවත ආපසු එන ගමනේදී ආරක්ෂක හිස්වැසුම පවා නොපැලඳ පැමිණෙමින් සිටි යුවළ අධික බෑවුම් ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට යතුරුපැදියද සමගින් පෙරැළි ඇත. පිටුපසින් පැමිණ ඇති මිතුරන් දෙදෙනා බොහෝදුරක් ගොස් යුවළ නොමැති බව දැන නැවත එම කඳු ප්‍රදේශයට යනවිට අනතුරට පත් දෙදෙනා දැක තිබේ. ප්‍රදේශවාසීන්ගේ සහයඳ සහිතව තුවාලකරුවන් කුලියාපිටිය රෝහලට රැගෙන ඒමට කටයුතු කළත් දැරිය එම ස්ථානයේදීම ජීවිතයට පත්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad