බණ්ඩාරවෙල උසාවියේ ලේඛනාගාරයට ගිනි තැබුවේ නඩු 11ක විත්තිකරුවෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 9, 2018

බණ්ඩාරවෙල උසාවියේ ලේඛනාගාරයට ගිනි තැබුවේ නඩු 11ක විත්තිකරුවෙක්


 බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට පසුගිය 30 වැනිදා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ පැවසීය.
හාලිඇල පදිංචි පතිරණ ආරච්චිගේ නලින් ද සම්පත් පතිරණ (41) නමැති මෙම සැකකරුට විරුද්ධව
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් සොරකම් නඩු 11ක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදි කීය. මෙයින් එක් නඩුවකින් සැකකරුට වසර 04 ක සිරදඩුවීමක් නියම වී ඇති බැවින් ඔහු එම නඩු තීන්දුවට එරෙහිව පළාත්බද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇප මත සිටි බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා මොහුට එරෙහි නඩු 4ක විභාගය අවසන් කර තීන්දු ලබා දීමට නියමිතව් ඇති බව ද පැවසීය.
මෙම සැකකරු ඉතුක් 30 වැනිදා අලුයම යතුරුපැදියකින් බණ්ඩාරවෙල නගරයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ගොස්

යතුරුපැදියට පෙට්‍රල් අවශ්‍ය බව පවසමින් පෙට්‍රල් ලබාගෙන තාප්පයෙන් පැන අධිකරණ භූමියට ඇතුළුවී එහි ලේඛනාගාරය ගිනි තබා ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදි හෙළිවී ඇති බව පරික්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අධිකරණයේ මුරකරු එදින රාජකාරීයේ සිට ඇතත් කිසියම් අවශ්‍යතාවකට ගොස් සිටියදී සැකකරු මෙම ගිනි තැබීම සිදුකර ඇති බව හෙළිවී ඇත.
මොහුට ලේඛනාගාරයට ඇතුළුවීම සඳහා අධිකරණයේ කිසියම් පුද්ගලයකු දොර විවෘත කරදී ඇති බවට පොලිසිය සැකකරයි.
ලේඛනාගාරයට ගිනි තැබීමෙන් පසු සැකකරු එහි ජනෙල් විදුරුවට පහරදී එය බිඳ දමා තිබූ අතර මෙය පොලිස් පරීක්ෂණ නොමග යැවීම සඳහා සිදුකළ දෙයක් බව පරීක්‍ෂණවලදී පෙනී ගොස් ඇත. විදුරුව බිද දමා ඇති අන්දමට එම ජනේලයෙන් ලේඛනාගාරයට ඇතුළුවීම අසීරු බවත් අසීරුවෙන් හෝ ඒ තුළින් ලේඛනාගාරයට ඇතුළු වූයේ නම් කැඩුණු වීදුරුවෙන් සැකකරුට කැපුම් තුවාල සිදුවිය යුතුව තිබු බවත් පොලිසිය කියයි.
එසේ තුවාලවූ බවට කිසිදු ලේ සලකුණක්  දක්නට නොලැබුණු බව ද සැකකරු ලේඛනාගාරයට පිටතින් ඇතුළු වූ බව පෙන්වීම සඳහා විදුරු බිඳ ඇති බව ද පොලිසිය කියයි.
සිද්ධියෙන් පසුව සැකකරු සිය ගම් ප්‍රදේශයෙන් පැනගොස් තිබූ බවත් සැකකරුට එරහිව බණ්ඩාරවෙල අධිකරණයේ නඩු රැසක් ඇති නිසා මේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් තිබිය හැකි බවට සැකකොට ඔහු පිළිබඳව සෙවීමේදී ඔහු මහරගම ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණ බවත් පොලිසිය පවසයි. සැකකරු සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියට අමතරව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සහ පිලියන්දල පොලිසියද එක්වී  පරීක්‍ෂණ පවත්වා මොහු මහරගම දුම්රිය හරස් මාර්ගයේදී ගමන් කරමින් සිටියදී පසුගිය 6 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. තමාට එරෙහි නඩුවලින් බේරීම සඳහා මොහු අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තබා ඇතත් මොහුට එරෙහිව නඩුවල ලිපි ගොනුවලටෙ ගින්නෙන් හානියක් සිදුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad