104 වන උපන් දිනය සමරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මැරෙන බව කියා දිවිනසාගත් විද්‍යාඥයා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 11, 2018

104 වන උපන් දිනය සමරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මැරෙන බව කියා දිවිනසාගත් විද්‍යාඥයා

ස්ට්‍රේලියානු ජාතික වයෝවෘද්ධ  විද්‍යාඥයෙකු වන ආචාර්ය ඩේව්ඩ් ගෝඩල් සිය 104 වන උපන් දිනය සැමරීමෙන් පසු ජීවත්වූවා ඇතිය යන්න තීරණය කර සිය දරු මුණුපුරන්ගෙන් සමුගෙන ස්විට්සර්ලන්තයට ගොස් දිවිනසාගැනීමේ අනුවේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහු මරණයට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා කියා සිටියේ
තමා මරණය තෝරාගන්නේ සතුටින් බවත් අනවශ්‍ය ලෙස ජීවිතයේ ඉතිරිකාලය දුක්විඳීමට කැමති නැති බවත්ය. මියගිය විද්‍යාඥයාට ඇස් පෙනීමේ දුර්වලතාවය හා ඇවිදිමේ ඇති අපහසුතාවය හැර වෙනත් රෝගී තත්වයක් තිබී නැත.

කීර්තිමත් උද්භිද හා පාරිසරික විද්‍යාඥයෙක් වන

ඩේවිඩ් ගෝඩල් එංගලන්තයේ ඉපිද වයස 34 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ ගෞරවනීය පුරවැසිභාවය ලැබූ අයෙකි.
ඔහු දිවිනසාගැනීමට ස්විට්සර්ලන්තය තෝරාගත්තේ ඔහුගේ පුරවැසිභාවය හිමි ඕස්ට්‍රේලියාවේ හිතාමතා දිවිතොරගැනීම නීතියෙන් තහනම් බැවිනි.

නමුත් දුක්නොවිද සිය ජිවිතය අවසන් කර ගැනිමේ ක්‍රමවේදය (euthanasia) ස්විට්සර්ලන්තයේ නීතිගතය.
මියගිය විද්‍යාඥයාට පුතුන් තිදෙනෙකු හා දියණියක සිටින අතර මුණුපුරු පරපුර 10 ක්හා මීමුණුපුරු 15 ක් සිටි බව ද පැවසිණි. ඔහු සමුගෙන ගියේ ඔවුන් සියල්ලන්ගේ අවසරය සහිතවය.

ඊයේ (10) උදෑසන ස්විට්සර්ලන්තයේ, බාසෙල් හි  “Life Circle clinic”  සායනයේදී වෛද්‍ය අධික්ෂණය යටතේ එන්නත් කරන ලද අධිමාත්‍රාව සහිත නිදිගැන්වීමේ ඖෂධයක ආධාරයෙන් විද්‍යාඥ ඩෙවිඩ් ගෝඩල් සිය ජීවිතය අවසන් කළේය.
ඔහු මිය ගියේ බීතෝවන්ගේ 5 වන සිම්ෆනි සංගිතයට අහුම්කන් දෙමින් බවද වාර්තාවී තිබේ.









No comments:

Post a Comment

Post Bottom Ad