පිළිකාව සුව කරන හැටි නාඩි වාක්‍යයෙන් කියයි - බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා | Ven Balangoda Ananda Maithree Thero - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 15, 2018

පිළිකාව සුව කරන හැටි නාඩි වාක්‍යයෙන් කියයි - බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා | Ven Balangoda Ananda Maithree Thero

පිළිකාව සුව කරන හැටි නාඩි වාක්‍යයෙන් කියයි
බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ
මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

නාඩි වාක්‍යවල කියල ඒ බව කියල තිබුණා. මාස තුනක පුහුණුවකට තමයි මාව යෑව්වේ. ශිෂ්‍යත්ව කාලය ඉවර වෙලා මම ආපසු එන්න සූදානම් වෙනකොට මට තවත් ශිෂ්‍යත්වයක්‌ ලැබුණා.

එය අවුරුදු තුනක ශිෂ්‍යත්වයක්‌. ඒ ශිෂ්‍යත්වය ලැබුණේ ප්‍රංශයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකට. සෝබෝන් සහ ඔක්‌පර්ඩ්. ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තේ විවිධ රටවලින් පැමිණි ධන කුවේරයන්ගේ දූ දරුවෝ, තෙල් සම්පත් තියෙන අරාබිකරයේ රාජකීය පවුල්වලට අයත් කුමාර කුමාරිකාවන්, මං කවදාවත් මෙහෙම අවස්‌ථාවක්‌ ලැබෙයි කියල හිතුවේ නෑ.

මේ සියල්ල නාඩි වාක්‍යවල කියල තිබුණා නේද කියල මට හැමවිටම හිතුනා. අවුරුදු තුන ඉවර වුණාම මගේ කාමරය අසල නේවාසිකව සිටි එක තරුණයෙක්‌ මට කීවා ත

මන් ---රාජ කුමාරයා මේ උපාධිය ගත්තට පස්‌සේ තමන්ට රජකම ලැබෙනවා එතකොට මට විශ්වාසවන්ත උපදේශකයෙක්‌ ඕනෑ මම කැමති නං එයාගේ උපදේaශකයා හැටියට පත්කර ගන්න කැමතියි කියලා (නඩි වාක්‍යවල මගේ තනතුර කියල තිබුණේ රජතුමාගේ පුරෝහිතයා කියලා) මට කීවා,

මම කැමති නම් ඒ තනතුරට මා පත්කර ගැනීමට ඒ රාජ කුමාරයා මගෙන් කැමැත්ත විමසා සිටියා.

මම ඒ යෝජනාවට කැමැති වුණා. අවුරුදු ගණනාවක්‌ම මම ඒ රජතුමාගේ උපදේශකයා (පුරෝහිතයා) හැටියට කටයුතු කරල ආපසු ලංකාවට ආවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිවෙළක්‌ කර ගැනීමට අවශ්‍ය වූ නිසයි".

මට අවුරදු තිස්‌ පහක්‌ වෙන කොට මෙම කුමාරයාට පූර්ණ වශයෙන් තම පිය රජතුමාගෙන් රජකම ලැබනවා. එවිට රජතුමා මට ගෞරව සම්මානයක්‌ දෙනවා කියලා නාඩි වක්‍යවල කියල තිබුණා.

මම එම රජතුමා සහ ඒ රට කුමක්‌ දැයි ඇසුවෙමි.

ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ රට කාම්බෝජය බවත් රජතුමා සිහමුණි රජු බවත්ය.

පසුගියදා පැවැති රාජාභිෂේකයේදී එතුමාගේ පියරජතුමා පූර්ණ වශයෙන් රජකම පිරිනැමූ අතර ඒ බව සංකේතවත් කරමින් තම පිය රජුගේ අසිපත පිරිනැමූ බවය. එම රාජකීය උත්සවයට තමාට ද ආරධනා කළ බව කී මෙම ආචාර්යවරයා එම උත්සවයේදීම රාජකීය අසිපත තම උරහිස දෙපැත්තේ තබා චරිත්‍රානුකූලව රාජකීය ගෞරවයට පාත්‍ර කොට සම්මානය පිරි නැමූ බවයි.

"නූපන් අනාගතය පිළිබදව ඝෘෂීන්වරුන් විසින් කියා ඇති අනාගත පුරෝකතනයන්වල ප්‍රතිඵල දැන ගැනීමට හැකිවන්නේ උපේක්‌ෂා සහගතව අනාගතයට මුහුණදීමෙන් පමණක්‌ බව අංකල් කීව කතාව මට ප්‍රත්‍යක්‌ෂ වුණා".

නාඩි වාක්‍ය පිළිබද අත්දැකීම්

පෙර අත්දැකීමක්‌ "ද්‍රවිධ ජාතික මහතෙකුගේ අත් දැකීමක්‌: (1991)

මෙම විස්‌තරය මට අසාගත හැකි වූයේ, කොල්ලුපිටියේ විර්ලන්ඩ් හෝටලයට පැමිණි සිටි ද්‍රවිධ ජාතික පොන්නම්බලම් නමැති මහතෙකුගෙනි.

ඒ මහතා මීට අවුරුදු තිහකට පමණ පෙර ඉන්දියාවේදී නාඩි වාක්‍ය කියාවා ගත් අතර ඒවා අමතක කර දමා සිටියදී, සිදු වූ අනතුරක්‌ හේතුවෙන් තමන්ට නැවතත් නාඩි වාක්‍ය කියවා බැලීමේ අවශ්‍යතාවක්‌ මතුවූ බවත්, ඒ මහතා පැවසීය.

ඒ සියලු විස්‌තර දැන ගැනීමේ අභිප්‍රාය මම දැන්වූ විට ඒ මහතා මෙම විස්‌තරය හෙළි කළේය.

"මීට අවුරුදු තිහකට පමණ පෙර ඉන්දියාවේ මදුරාසි නගරයේ නාඩි කියවන තැනකින් මම නාඩි වාක්‍ය කියවා ගත්තා. එහි කියා තිබුණා එක්‌තරා වයසක්‌ දක්‌වලා මට බරපතළ අනතුරක්‌ සිදුවෙනවා.

එම අනතුරින් ගැලවීම සදහා කළ යුතු වත්පිළිවෙත් ද කියා තිබුණා. මෙය පසුව කිරීමට මම සිතාගත්තා. එහෙත් මට ඒ පූජාවන් කිරීමට අමතක වුණා.

මීට අවුරුද්දකට විතර ඉස්‌සෙල්ලා එක දවසක හවස්‌ වරුවේ මහා වැස්‌සක්‌ කඩා වැටුණා. අපේ ගෙදර සෙවිලි කරල තිබුණේ සිංහල උළු. ලේනුන් වගේ කුඩා සත්තු වහලේ එහා මෙහා දගලන නිසා වහලේ උළු කැට එහා මෙහා වෙලා අපි නිදන තැන කාමරය තෙමෙන්න ගත්තා.

මගේ නෝනා මට කීවා උළු කැට ටික හැදුවේ නැත්නම් අපට නිදාගන්න බැරිවෙයි කියලා. පුළුවන් නම් වහලට ඉනිමගක්‌ තියලා උළු කැට ටික සකස්‌ කරන්න කියලා කීවා.

මම අල්ලපු ගෙදරින් ඉනිමගක්‌ ඉල්ලාගෙන මහ වැස්‌සෙම වහලයට නැගලා උළු කැට කීපය සකස්‌ කරල එන කොටම, මගේ පය ලිස්‌සා වහලෙන් බිමට වැටුණා.

මගේ කොන්දට බරපතළ හානි සිදුවුණා. මම ඉස්‌පිරිතාලේ මාස ගණනාවක්‌ ඉදලා බෙහෙත් ගත්තා. ඒත් පූර්ණ සුවයක්‌ ලැබුණේ නෑ. එම නිසා මම සිංහල බෙහෙත් කිරීමට පටන් ගත්තා. වෙදමහත්තයා කීවා පූර්ණ සුවය ලැබීමට නම් ඇදට වී විවේකයෙන් සිටිය යතු බව.

මම ඇදට වී කම්මැලිකමෙන් ඉන්න කොට මට මතක්‌ වුණා, ඉන්දියාවේදී මම ලබාගත්ත නාඩි වාක්‍ය පොත.

මම නෝනට කියලා පෙට්‌ටි අවුස්‌සලා පොත සොයාගෙන කියවන කොට එහි කියා තිබුණා මට බරපතළ අපල කාලයක්‌ උදාවෙනවා.

ඉතා ඉහළ උසකින් වැටිලා කොන්දට බරපතළ ලෙස තුවාල වෙලා, බොහෝ කාලයක්‌ යහන් ගත වී සිටීමට සිදුවෙනවා.

යම් යම් පුද පූජා සහ වත් පිළිවෙත් කිරීමෙන් මේ තත්ත්වය අවම කර ගත හැකි බව ද කියා තිබුණා.

මම මෙම පුද පූජා කිරීම කල් දැම්මා. ඊට පසු එම කාරණාව මට අමතක වුණා. නාඩි වාක්‍යයේ කියා තිබූ ලෙසම සියල්ලම සිදුවුණා".

"මම අද ආවේ මගේ ඉදිරි කාලයේදී මෙවැනිම තවත් අපල තියෙනවා ද කියල දැනගෙන අවශ්‍ය පුද පූජා වත් පිළිවෙත් කරන්න".

නාඩි වාක්‍යය කියෑවීම සදහා ඒ මහතාට කතා කළ නිසා තවදුරටත් විස්‌තර ලබාගත නොහැකි විය.

නාඩි වාක්‍ය පිළිබද අත් දැකීම්-

(රෝගියකුගේ අත්දැකීමක්‌)

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී එක්‌ රෝගී කාන්තාවකගේ භාරකරුවන් විසින් රෝගියා පිළිබදව නාඩි වාක්‍යය කියවා ගන්නා ලදි.

මෙම රෝගී කාන්තාවගේ මොළයේ පිළිකා තත්ත්වයක්‌ වර්ධනය වෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසා ඇති අතර රෝග විනිශ්චය සදහා රෝගියාගේ මොළයෙන් ලබාගත් පඨක සාම්පලයක්‌ ඒ වනවිටත් රෝගියාගේ භාරකරුවන් විසින් ඇමරිකාවේ කිසියම් වෛද්‍ය පරීක්‌ෂණාගාරයක්‌ වෙත යවා තිබිණ.

නාඩි වාක්‍යය කියෑවීමේදී ප්‍රකාශ වී ඇත්තේ දැනට රෝගියාට කරනු ලබන්නේ වැරදි ප්‍රතිකාරයක්‌ බවත් ඉතා ඉක්‌මණින්ම මෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය වෙනස්‌ කිරීමට සිදුවන බවයි.

ඊට දින කීපයකට පසුව ඇමරිකාවේ පරීක්‌ෂණ වාර්තාව ලැබී ඇති අතර එහි සදහන්ව තිබී ඇත්තේ දැනට කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය වහාම නවත්වන ලෙස ද සුදුසු වෛද්‍ය ක්‍රමය ද එම වාර්තාව මගින් සදහන් කර තිබූ බවයි. (මෙම විස්‌තරය මා වෙත පවසන ලද්දේ රෝගියාගේ හිතවතියකු විසිනි).

මෙම විස්‌තරය සැපයූ මගේ හිතවතිය (2016) අහම්බෙන් මෙන් මෙම පොතේ සංස්‌කාරකවරයාට මුණ ගැසිනි. ඇය විසින් විස්‌තර කරන ලද පිළිකා රෝගියා පිළිබද විමසූ විට ඇය කියා සිටියේ,

නාඩි වාක්‍යවල කියා තිබූ පරිදිම ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය නවත්වා බෙහෙත් කිරීමද වෙනස්‌ කරන ලද අතර සුවපත් වූ රෝගී කාන්තාව විවාහ පත් වී අදටත් සුවසේ පසුවන බවයි.

"නිවැරදිව ලියෑවුණු අරුම පොත"-

පුවතිසි අලගියවන්න

1986 ජුනි මස 22 දින ශ්‍රී ලංකාදීප පුවත්පතේ පළ වූ "නිවැරදිව ලියෑවුණු අරුම පොත" නමින් පුවතිසි අලගියවන්න නම් මහතෙකු විසින් ලියන ලද ලිපිය ද පාඨක ඔබගේ අවධානයට යොමුවිය යුතුයයි මම සිතමි.

එකී ලිපියේ ඇතුළත් විස්‌තරය මෙම ග්‍රන්ථයට ඇතුළත් කිරීමට අපේක්‌ෂා කළේ (1986 ජුනි මස 22 දින ශ්‍රී ලංකාදීප පුවත්පත) පාඨක ඔබට සොයා ගැනීමට ඇති අපහසුව සලකා ගෙනය.

නිවැරදිව ලියෑවුණු අරුම පොත "නමින් ශීර්ෂ" ගත කොට ඇති අතර උප ශීර්ෂයක්‌ වශයෙන් "සත්‍ය පවසන ලොව ඇති හොදම ජ්‍යෙdතිෂ්‍යය ක්‍රමය ඉන්දියාවේ නාඩි ශාස්‌ත්‍රයයි" නමින් අතුරු උප ශීර්ෂයක්‌ ද ලියා ඇත.

එකී ලිපියෙන් නාඩි වාක්‍යය කියවන ආකාරය ද කියෑවෙන දෑ පිළිබදව පමණක්‌ නොව නාඩි වාක්‍ය පිළිබදව දීර්ඝ විස්‌තරයක්‌ ද දක්‌වා ඇත.

පාඨක ඔබට වැදගත් වන්නේ ඒ මහතා තමා ලද අත්දැකීම් ඒ මහතාගේම වචන වලින්ම දක්‌වා තිබීමයි. එය මෙසේය,

"වරක්‌ (1964) මම මදුරාසියේ මයිලපූර්හි කෞමාරි නාඩි ජ්‍යෙdතිෂ්‍ය ආයතනයට ගියා. එහි අධිපති චන්ද්‍රසේකරන් මහතා මගේ කේන්දරය ඉල්ලුවා. කේන්දරයක්‌ ඇති නමුත් එය හරි දැයි මම නොදන්නා බව මම කීවා.

"එහෙනම් අත බලමු යෑයි ඔහු කීව". ඔහු විනාඩි කීපයක්‌ අත දෙස බලා ඉදල කාමරයට ගියා.

"ටික වේලාවකට පස්‌සේ ඔහු පැරැණි තල්පත් මිටියක්‌ ගෙනාවා. ඒක පරණ නිසාම කඵවෙලා. ඔහු තල් පතේ ඇති දෙමළ පද්‍ය කියවමින් ඒවා ඉංග්‍රීසියෙන් තෝරන්නට වුණා".

"එහි මගේ නම මගේ මවුපියන්ගේ නම් උපන් දිනය වේලාව නැකැත ආදිය ඉතා නිවැරදිව සදහන්ව තිබුණා.

ඔහු දෙමළ පද්‍ය කියවන විට ඔහු එය තෝරා දෙන්නට පළමු අපේ නම් කියනු මට ඇසුනා. මගේ මවගේ නමෙහි තේරුම පවා එහි සදහන් වුණා".

"අනෙකක්‌ තබා මවගේ අක්‌කාගේ නම පවා එහි සදහන්. පියාගේ නම ඉංග්‍රීසි එකකි. මවගේ නම ශුද්aධ සිංහල එකකි. ඒ දෙක ඉතා පැහැදිලි ලෙස දක්‌වා තිබීම අදහා ගන්නට බැරි තරම් අමාරු කරුණක්‌".

"ඊට දස වසරකට පසු (1973) දී මම නැවත එහි ගියා. එහෙත් කලින් ආ බවක්‌ නොකියා සිටියා. ඔහු එදින කළ හැඳින්වීම මුල් අවස්‌ථාවේ ප්‍රකාශ කළ විස්‌තරයට වඩා කිsසි වෙනසක්‌ තිබුණේ නැහැ. මම මහත් පුදුමයට පත් වුණා".

"මා ලබාගෙන තිබුණේ අතේ රේඛා බලා කියන රේඛා ශාස්‌ත්‍රය නම් වූ ලුහුඩු විස්‌තරයකි. එයට රුපියල් 80 වක්‌ ගෙවීමට මට සිදුවුණා. සම්පූර්ණ විස්‌තරය ලබා ගැනීමට රුපියල් (660) ක්‌ ගෙවිය යුතු වුණා.

එකල (1964) දී විදේශ විනිමය ලබා ගැනීමට තිබූ අපහසුතාව නිසා මුඵ විස්‌තරයම ලබාගැනීමට නොහැකිවිය. දැන් ත්‍රස්‌ත්‍රවාදය නිසා (1986) එහි යැමට නොහැකියි".

"මෙම විස්‌තරය ලබාගෙන අවුරුදු (20) කට පසු මගේa උගුරේ ආබාධයක්‌ ඇති වුණා. ඒ අතරතුර මට නාඩි පලාඵල විස්‌තරය දක්‌නට ලැබී එය කියවිමි.

එහි සදහන්ව තිබුණේ කර්ම කාණ්‌ඩයේ සදහන් පිළිවෙත් අනුගමනය කරන ලෙසයි. ඉන් අසනීපය සුවවන බවත් කියා තිබුණා.

එහෙත් කර්ම කාණ්‌ඩය සොයා යැමට නොහැකි නිසා මම රතන යන්ත්‍රයක්‌ පැළඳුවා. රෝගය ඉන් සුවවුණා".

"නාඩි වාක්‍ය කියෑවීම සදහා ලොව නොයෙක්‌ දෙසින් මිනිස්‌සු ඉන්දියාවට එනවා. මා ගිය දිනෙක විදේශීය පුවත්පත් කලාවේදියෙක්‌ මට එහිදී මුණ ගැසුණා.

තමන් දන්නා හැටියට ලොව ඇති සත්‍යය අනාවැකි කියන එකම ජ්‍යෙdතිෂ්‍යය ක්‍රමය මෙය බවත් ඔහු කීවා".

"ලංකාවට ආවොත් බොහෝ අය පලාඵල ලබාගනු ඇතැයි මම පණ්‌ඩිත චන්ද්‍රසේකරන් මහතාට කීවා. මෙතරම් විශාල පොත් තොගයක්‌ ගෙන යන්නේ කෙසේ දැයි පණ්‌ඩිත චන්ද්‍රසේකරන් මහතා මගෙන් ඇසුවා.

මෙවැනි ජ්‍යෙdතිෂ්‍යවේදීන් රටින් රට නොයන්නේ ඒ නිසයි".

"අති පූජ්‍ය පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන් වහන්සේ ද නාඩි වාක්‍යය කෙරෙහී මහත් විශ්වාසයක්‌ තැබූ මහ තෙරුන් වහන්සේ නමකි. නාඩි වාක්‍යයෙන් කියෑවෙන සමහර දේවල් ඉටු නොවන්නේ මන්දැයි මම උන්වහන්සේගෙන් විමසුවා.

කර්ම කාණ්‌ඩය අනුව කටයුතු කිරීමෙන් එම බාධකයන්ට පිළිතුරු ලබාගත හැකි බව උන්වහන්සේ පැවසුවා".

"ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා ද නාඩි වාක්‍ය දැඩිව විශ්වාසය කළ අයෙක්‌. ඉන්දියාවේ මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටියදී අවසාන කාලයේ රෝගාතුර වූ විට විදේශයක සිටියහොත් මියයන බව නාඩි වාක්‍යයේ සදහන්ව තිබූ බව මතක්‌ වී ලංකාවට එන අතර මගදී මියගිය බව මම අසා ඇත්තෙමි".

"මහාචාර්ය ඩී. ඊ. හෙට්‌ටිආරචිචි මහතා ද නාඩි වාක්‍යය විශ්වාස කළ අයෙකි. තමන්ට කියා ඇති දෙයින් තවත් ඉටුවීමට ඇත්තේ එක කරුණක්‌ පමණක්‌ බව ඒ මහතා බොහෝ කලකට පෙර මා සමඟ කීවා.

පසුව එය ද ඉටුවන්නට ඇතැයි මම හිතනවා".

පුවතිසි අලගියවන්න මහතාගේ ලිපියේ දක්‌වා ඇති පරිදි කවරකුගේ හෝ අසන ප්‍රශ්නයට පිළිතුරු සොයා දීම හැර තමන් විසින්ම කරුණු මතුකර අනාවැකි කීම නාඩිකරුවන්ගේ සිරිත නොවේ. කවුරු හරි ගිහින් ඇහැව්වොත් අද ලෝකයේ පවතින ප්‍රශ්න පිළිබද නොයෙක්‌ කරුණු පිළිතුරු වශයෙන් එයින් දැනගැනීමට ලැබෙනු ඇත.

"එක්‌ හිමි නමක්‌ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ බුද්ධ වේඩු" නම් ස්‌ථානයට වැඩිය බවත් එහි සිට ලංකාවට වැඩිය බවත් නාඩි වාක්‍යයේ පවසා තිබෙනවා.

"ෙ-සුස්‌ වහන්සේ ළමා කාලයේ ඉන්දියාවට පැමිණ ඇති බවත් ඒ පිළිබදව නාඩි වාක්‍යවල සදහන්ව ඇති බවත් මම අසා තිබෙනවා".

"යමෙක්‌ නාඩි ශාස්‌ත්‍රය ඇසීම සදහා නාඩි ජ්‍යෙdතිෂ්‍යය කාර්යාලයට ගියහොත් දෛර්වයා පලාඵල විස්‌තර සොයන්නේ ඒ අයගේ ජන්ම පත්‍රය හෝ අත්ල පරීක්‌ෂා කර බලලයි.

ඒ අනුව ඔහු ඔහුගේ පොත් ගබඩාවට ගිහිල්ලා තල්පත් මිටියක්‌ ගෙනැවිත් එහි ඇති දෙමළ පද්‍ය කියවමින් ඒවා තේරුම්කර දෙනවා. එසේ කරන්නේ ඔහුට නියමිත පලාඵල විස්‌තරය සොයා ගැනීමට උපකාරයක්‌ ලෙසයි".

"මුල් හැඳින්වීම කාණ්‌ඩයෙහි දෙමවුපියන්ගේ නම් ආදිය විස්‌තර අසන්නාගේ නම උපන් ගම උපන දිනය සහෝදර සහෝදරියන් ගණන ආදී පුද්ගලික තොරතුරු ඇතුළත් වෙනවා ප්‍රධාන අනාවැකිය නිවැරදි නම් පමණයි සෙසු විස්‌තර ඔබට ලබාගත හැකිවෙන්නේ".

දෛවඥයා එම හැඳින්වීම කරමින් දෙමළ පද්‍ය කියවන කොටම අප දෙමළ බස නොදනිතත් අපේ නම් ආදිය කියවෙන කොට අපට හැගී යනවා මේ කියන්නේ අපේ විස්‌තරය තමයි කියල. හැඳින්වීමේ කාණ්‌ඩය නිවැරදි නම් එයට අයත් දීර්ඝ පලාඵල විස්‌තරය ලබාගත හැකි වෙනවා".

"දෛවඥයා දෙමළ පද්‍යයන් සියතින්ම පොතක ලියාදී එකින් එක ඒවා පැහැදිලි කර දෙනවා. සමහර අයට සිය ජීවිත විස්‌තරය එදිනම ලබාගත හැකිවෙනවා.

ඇතැමුනට එය ලබාගැනීම සදහා දවස්‌ කීපයක්‌ම ගතවන අවස්‌ථාවන් ද තියෙනවා. යම්කිසි පුද්ගලයකුගේ විස්‌තරය හරිහැටි තෝරාගත නොහැකි වුණොත් නිවැරදි පලාඵල ලබාගන්න බැහැ".

"නිවැරදි පොත තේරීමේ රහස ගුරු මුෂ්ටියක්‌ වශයෙන් පරපුරෙන් පරපුරට ගෙනයනවා".

"මෙසේ මිනිසකුගේ ජීවිතය සම්බන්ධ කුදු මහත් කරුණක්‌ම නාඩි වාක්‍යයෙන් දැනගත හැකි වෙනවා. එසේම අතීත වර්තමාන අනාගත කාලත්‍රයට අයත් ලෝකය පිළිබද සිදුවීම් ගැටලු ආදිය ද නාඩි වාක්‍ය තුළින් විමසා දැනගත හැකියි".

"එම කොටස ප්‍රෙත්‍යය කාණ්‌ඩ නමින් හැඳින්වෙනවා. පෞද්ගලික මෙන්ම පොදු විවිධ ප්‍රශ්න විසඳීම සදහා මෙම ප්‍රෙත්‍යය කාණ්‌ඩය මහත් පිහිටක්‌ වෙනවා.

කවරකු හෝ අසන ප්‍රශ්න විසඳීම නොව අසන ප්‍රශ්නයට පිළිතුරු සොයා දීම හැර තමන් විසින්ම කරුණු සොයා මතු කර අනාවැකි කීම නාඩි කියවන්නන්ගේ සිරිත නොවේ".

පුවතිසි අලගියවන්න මහතාගේ ලිපියේ සදහන් පරිදි නාඩි වාක්‍ය කියවන්නන් රටින් රට නොයන්නේ ඔවුන් සතුව ඇති නාඩි වාක්‍ය ග්‍රන්ථ සමූහය තැනින් තැන ගෙන යා නොහැකි නිසා බව නාඩි වාක්‍යය කියූ පණ්‌ඩිත චන්ද්‍රසේකරන් මහතා තමන්ට පැවැසූ බව එකී ලිපියේ සදහන්ව ඇත.

වර්තමානයේ සන්නිවේදන ක්‌ෂේත්‍රය ලබා ඇති දියුණුව අනුව ලොව ඕනෑම තැනක සිට තමන්ගේ නාඩි වාක්‍යය කියවා ගැනීමට දැන් හැකියාව ඇත.

"ස්‌කයිප් තාක්‌ෂණය" ඔස්‌සේ තමන්ගේ නිවසේ සිටම ලෝකයේ කොහේ සිට වුව ද නාඩි ජ්‍යෙdතිර්වේදියා හමුවීමට පෞද්ගලිකවම නොපැමිණ නාඩි වාක්‍යය කියවා ගැනීමට හැකි යුගයක්‌ දැන් උදා වී ඇත.

එහෙත් මෙම පහසුකම ඉන්දීය නාඩි ජ්‍යෙdතිර්වේදීන් ලබාගෙන තිබේ ද යන්න නොදනිමි.

එසේම තමන් සතුව ඇති අති විශාල නාඩි වාක්‍ය ග්‍රන්ථ සමූහය ස්‌කෑන්කර සී. ඩී. හෝ ඩී. වී. ඩී. පටියක පටිගත කර හෝ පෙන්ඩ්‍රයිව් (ඩොන්ගලයක) ක්‍රමයට ඇතුළත් හරවා ගෙන විශාල පුස්‌තකාලයක ඇති ග්‍රන්ථ සමූහය කුඩා සූට්‌ කේසයක ගෙන යා හැකි හෙයින් ද ඉදිරියේදී මෙම නාඩි වාක්‍ය කියෑවීමේ භාග්‍යය ලෝ පුරා වෙසෙන ජනතාවට උදාවනු ඇත. එසේ වූ විට ඇතිවන එක්‌ අවාසි තත්ත්වයක්‌ ද වෙයි.

එනම් නාඩි වාක්‍ය ඇසීම මුල් කරගෙන ඉන්දියාවට එන සංචාරකයන් නොපැමිණීම ද ඉන්දීය නාඩි ජ්‍යෙdතිර්වේදීන්ට ඇති සම්භාවනීය තත්ත්වය ද ගරුත්වය ද සම්ප්‍රදානූකුල ස්‌වරූපය ද ගිලිහී යන බව පමණක්‌ සදහන් කළ යුතුමය.

පොලොන්නරුවෙන් පැමිණි ස්‌වාමීන් වහන්සේ නමකගේ අත්දැකීමක්‌.

නාඩි වාක්‍ය කියවා ගැනීම පිණිස පොලොන්නරුව ප්‍රදේශයේ සිට ස්‌වාමීන් වහන්සේ නමක්‌ පැමිණියේ තම පාසලේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ පන්තියේ ශිෂ්‍යයකු ද සමඟය.

උන්වහන්සේගේ ඇගිලි සලකුණ සහ උපන් දිනය ද ලබාගත් චන්ද්‍රසේකරන් මහතා නාඩි වාක්‍ය කියෑවීමට පළමු කිසියම් උපදේශයක්‌ ද උන්වහන්සේට දුන්නේය.

එනම් නාඩි වාක්‍යය තුළින් තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‌ තොරතුරු පවා කියෑවෙන හෙයින් තම ගෝලයා ඉවත් කරන ලෙසයි.

මේ අවස්‌ථාවේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළේ වියත් ජනමාධ්‍යවේදියකු වූ අරූල් රාජා මහතාය.

(සියලු දෙනාගේ අවසරය ඇතිව මට ද එම අවස්‌ථාවට සහගාගි වීමේ අවස්‌ථාව ලැබිණ.)

චන්ද්‍රසේකරන් මහතාගේ සහ අරූල් රාජා මහතාගේ ද අදහසට සහ යෝජනාවට එකග නොවූ ස්‌වාමීන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක්‌ කළහ.

"මහත්තයා අපි බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා. අපට සගවන්න කිසිම දෙයක්‌ නෑ. ළමය හිටියට කමක්‌ නෑ. මහත්තයා නාඩි වාක්‍යය කියවන්න".

මෙකී ප්‍රකාශයෙන් පසු චන්ද්‍රසේකරන් මහතා නාඩි වාක්‍යයේ පළමු කාණ්‌ඩය කියෑවීම ඇරඹින. මද දුරක්‌ කියවාගෙන යන විට නියමිත තල්පත හමුවිය.

එහි ස්‌වාමීන් වහන්සේගේ නම දෙමවුපියන්ගේ නම් ද ගුරු හාමුදුරුවන්ගේ නම ද කියෑවීමෙන් පසු එක්‌තරා කාන්තාවකගේ ද නමක්‌ ද සංකේත ඇසුරෙන් කියෑවූ අතර ඇය අනියම් බිරිඳ ලෙස ද කියෑවිනි.

මෙකී විස්‌තරය ඇසීමෙන් මහත් සේ කලබලයට පත් ස්‌වාමීන් වහන්සේ කේන්තියෙන් නැගී සිට

"මුන් ඔක්‌කොම බොරුකාරයෝ, බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාගේ ගෞරවය කෙළසනවා. සල්ලි කඩාගන්න හදන හොරු" කියමින් තම ගෝලයා ද සමඟ කාමරයෙන් පිටව ගියහ.

(මේ අවස්‌ථාවේදී හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් දිවංගත ආචාර්ය සිරිසෝම මහතාගේ ප්‍රකාශය ද සිහිපත් වෙයි.)

ඒ මහතා රූපවාහිනී වාර්තා වැඩසටහනකට සහභාගිවෙමින් කියා සිටියේ, ඒ මහතාගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‌ පවා, නාඩි වාක්‍ය තුළින් කියෑවුණු බවත්, ඒවා තමාගේ හිතවත් තැනැත්තිය හා මිතුරිය ද වූ තමාගේ බිරිඳ පවා නොදන්නා විස්‌තර නාඩි වාක්‍යය තුළින් කියෑවුණු බවයි.

මෙවැනි ප්‍රකාශයක්‌ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන් විසින් ද ප්‍රකාශ කළ බව සිහිපත් වෙයි.

ඉන්දියාවේදී උන්වහන්සේ ලැබූ අත්දැකීම් පිළිබදව කරුණු සදහන් කරමින් ප්‍රකාශ කර සිටියේ සමහරුන්ගේ අනියම් බිරින්දෑවරුන් ගැන ද ඔවුන් වෙසෙන පළාත පිළිබදව විස්‌තර ද නාඩි වාක්‍ය තුළින් කියෑවෙන බවයි.)

ඉන් පසුව චන්ද්‍රසේකරන් මහතා වෙනත් කෙනකුගේ නාඩි වාක්‍ය කියෑවීම අරඹන ලදී.

පැයකට පමණ පසු යට කී භික්‌ෂුන් වහන්සේ තනිවම පැමිණ තමන්ට චන්ද්‍රසේකරන් මහතා හමුවීමට අවසරය ඉල්ලා සිටියේය. ඒ අනුව උන් වහන්සේ චන්ද්‍රසේකරන් මහතා හමු වී කළ ප්‍රකාශය මෙසේය.

බදුල්ලේ මෛත්‍රී රත්නායක

No comments:

Post a Comment

Post Bottom Ad