Gossip Story About Dulani Anuradha | කිඩ්නැප් කළ නිසා කළ නිසා දුලානිට වෙච්ච දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 20, 2018

Gossip Story About Dulani Anuradha | කිඩ්නැප් කළ නිසා කළ නිසා දුලානිට වෙච්ච දේ

කිඩ්නැප් කළ නිසා කළ නිසා 
දුලානිට වෙච්ච දේ

දුලානිට සිනමාවේදී වෙනස් වෙන්න අවස්ථාවක් ලැබිලා නේද?

ඔව්. මම ගොඩක් ආසාවෙන් කළ චරිතයක් තමයි කිඩ්නැප් චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් කාව්‍යාගේ චරිතය. ඓතිහාසික චිත්‍රපටවලින් තමයි ප්‍රේක්‍ෂකයෝ වැඩිපුර මාව දැකලා තිබුණේ. මේ චරිතය ඊට වෙනස්ම වූ චරිතයක්. මගේ දක්‍ෂතාව වෙනස් විධියට පෙන්වන්න පුළුවන් වුණා ඒ චරිතයෙන්.

දුලානිට වෙනස් වෙන්න සුරංගගෙන් ලැබුණ අවස්ථාව එක පයින් භාර ගන්නත් ඇති නේද?

ඇත්තටම මට ඒ වගේ දේකට කතා කිරීම ගැන පුදුම හිතුණා. සුරංග ඒ චිත්‍රපටයේ හැම ෂොට් එකක්ම ප්ලෑන් කරලා තිබ්බා. ඒ චිත්‍රපටයේ රූප රාමු කතා කරනවා. මගේ සිනමා ජීවිතය ගත්තත් එහි රූප මට විශේෂයි. ඇත්තටම මම ඒ චරිතය කැමැත්තෙන්ම භාර ගත්තා.

කිඩ්නැප් තාම තිරයට ඇවිත් නැහැ. නමුත් මේ වෙනකොට එය ක්‍ෂේත්‍රයේ පිරිසකට දැක බලා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දුලානිගේ වෙනසට හො¼ද ප්‍රතිචාර ලැබෙනවා ඇති?

චිත්‍රපටය බලපු ක්‍ෂේත්‍රයේ අයටත් හිතා ගන්න බැරි වුණා මාව මේ වගේ චරිතයකින් දකින්න ලැබෙද්දී. ඒ චරිතය හරිම ලස්සනට ලියැවිලා තිබ්බා. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා. සමහර වෙලාවට මට හිතුණා මට චරිතයට තව ටිකක් රඟපාන්න තිබුණා නේද කියලත්. කොහොම වුණත් ගොඩක් අය ඒ චරිතය ඇගයුවා. මොකද මගේ ඒ වගේ සුන්දරත්වයක් සිනමාවෙන් දැකලා තිබුණේ නැති නිසා.

වෙනස් වෙන්න අවස්ථාවක් ලැබෙද්දී ඒ වෙනුවෙන් උපරිම කැපවෙන්නත් ඇති ඔබ?

ඔව්. මම මොන වගේ චරිතයක් කළත් ඒ වෙනුවෙන් කැප වෙනවා. අපි කරන දේ අපිට දැනෙන්නේ නැතිනම් ඒක ප්‍රේක්‍ෂකයන්ට කොහොමත් දැනෙන්නේ නැහැ. මම කිඩ්නැප් චිත්‍රපටයේදී වුණත් මගේ චරිතය උඩට ගේන්න කැප වුණා. අධ්‍යක්‍ෂවරයා, අනෙක් ප්‍රවීණ ශිල්පීන්, මට දුන්න සහයෝගය වගේම ඇඳුම් පැලඳුම්, මේකප් මේ හැමදේම ඒ චරිතය නිරූපණය කරද්දී මට වැදගත් වුණා.

කාලෙන් කාලෙට සිනමාවට අලුත් මුහුණු එකතු වෙනවා. අලුත් අලුත් අය එකතු වුණත් දුලානිගේ තැන වෙනස් වුණේ නැහැ කියලා හිතනවාද?

මගේ තැන වෙනස් වුණේ නැහැ. මම යම්කිසි ධ්ජධද එකක් වුණා. ඓතිහාසික චිත්‍රපටවලින් මම ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනාගන්න චරිතයක් වුණා. මම හිතනවා කිඩ්නැප් චිත්‍රපටය මගේ දෙවැනි හැරවුම් ලක්‍ෂ්‍යය වෙයි කියලා. අබා චිත්‍රපටයෙන් පටන් ගත් ගමනේ මාව වෙනස් ලකුණක් වෙයි ඉදිරියේදී.

ඓතිහාසික චිත්‍රපටවලින් ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනා ගත්ත ඔබට ඉන් එහාට පැනපු සමහර චරිතවලින් ප්‍රේක්‍ෂකයෝ දිනා ගන්න අපහසු වුණා නේද?

මම පොඩි ළමයින් වෙනුවෙන් කළ චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වුණා. ඒ නිර්මාණවල මවගේ චරිතය තමයි මට කරන්න ලැබුණේ. සමහර නිර්මාණ ඓතිහාසික චිත්‍රපට තරම් ප්‍රේක්‍ෂකයෝ අතරට ගියේ නැහැ. කාලෙකින් කිඩ්නැප් වගේ දැනෙන චරිතයකින් මම එළියට ආවේ නැහැ.

දුලානි වැඩ කරන්නේ ප්‍රවීණයන් එක්ක විතරද?

නැහැ. මට එහෙම බෙදීමක් නැහැ. හොඳ දෙයක් නම් ප්‍රවීණ තරුණ ඕන අධ්‍යක්‍ෂවරයෙක් එක්ක වැඩ කරනවා. දැන් දක්‍ෂ අලුත් පරපුරක් ඉන්නවා. නමුත් ආර්ථික අපහසුතා නිසා ඔවුන්ට තමන්ගේ හැකියාව එළියට දාගන්න අපහසු වෙලා තියෙනවා. ඒක ඇත්තටම කනගාටුවට කරුණක්.

කාලයකින් පුංචි තිරයේ දැක්කෙත් නැහැ?

මේ දවස්වල ධම්මික තිසේරාගේ ටෙලි නාට්‍යක වෙනස්ම ආකාරයේ චරිතයක් කරනවා. ගැමි චරිත ස්වභාවයක් වගේම බටහිර පන්නයට හුරු චරිත ස්වභාවයක් මට එහි නිරූපණය කරන්න ලැබුණා. ඊඩඥ බචපඨඥබ කියන ඒ ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්‍ෂකයන්ට ඉදිරියේදී මාව දැක ගන්න පුළුවන් වෙයි.

දුලානි හැම වැඩකම එල්ලෙන නිළියක් නෙවෙයි වගේ?

ඇත්තටම මම ආසයි මම තෘප්තිමත් වෙන දේවල් කරන්න. එහෙම දැනෙන දේවල් කෙරෙන්නෙත් ඒ වගේ දේවල්වලට මට කතා කරන්නෙත් අඩුවෙන්. අවුරුද්දකට ඒ වගේ හොඳ නිර්මාණ එකකට දෙකකට වගේ තමයි කතා කරන්නේ. ඒ වගේම මම ගුරුවරියක් නිසා ඒ වෙනුවෙන් මගේ කාලය යොදවන්නත් වෙනවා. ඒ නිසා තෝරා ගැනීම් එක්ක තමයි මම වැඩ කරන්නේ.

කාලයක් පේන්න නොහිටියාම ඒක දුලානිගේ ජනප්‍රියත්වයට අඩුවක් කියලා හිතෙන්නේ නැද්ද?

දිගු නිහැ¾ඩියාවකට පස්සේ වුණත් ප්‍රේක්‍ෂකයන්ගේ හදවතට දැනෙන දෙයක් කළොත් ප්‍රේක්‍ෂකයන්ට අපිව මතකයි. නිහැ¾ඩියාව බිඳින්න කියලා මෙගාවල නම් මම වැඩ කරන්නේ නැහැ. පෞද්ගලිකව මට ඒ වගේ නිර්මාණ කරන්න අපහසුයි වගේම මම ඒකට කැමැති නැහැ. ඉතිං මේ යන ක්‍රමය තමයි මගේ විදිහ. අපි හොඳ දෙයක් කළොත් ප්‍රේක්‍ෂකයෝ අපිට ආදරය කරයි.

දුලානි කාලයකින් රියැලිටි වැඩසටහනක දැක්කේ නැහැ. විනිශ්චය පුටුවල ඉඳගත්ත දුලානි රියැලිටි වේදිකාවක හැකියාව උරගා බලන්න කැමැති නැද්ද?

මම රියැලිටිවල තරග කරන්නේ නැහැ. රංගන ශිල්පිනියක් ලෙස ආවට පස්සේ මම කැමැති නැහැ රියැලිටිවල තරග කරන්න. අනෙක් අය තරග කළාට මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මම කැමැති නැහැ. විනිශ්චය මණ්ඩලයක ඉඳගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ.

දුලානි අලුත් නිවහනක් තනනවා කියලත් ආරංචියි?

ඔව්. ගෙයක් හදන එක මගේ සිහිනයක් වෙලා තිබුණේ. ඉතිං මමම එකතු කරගත්ත සල්ලිවලින් ඒ හීනය දැන් හැබෑ කරගෙන යනවා.

ඉක්මනින් ගෙයක් හදන්නේ ඉක්මනින් කූඩු වෙන්නවත්ද?

ගෙයක් හැදුවට පස්සේ කූඩු වෙයි. කෙනෙක්ට එහෙමත් හිතෙන්න පුළුවන්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ


No comments:

Post a Comment

Post Bottom Ad