Gossip Story About Anjula Rajapaksha | ලස්‌සන වෙන්න ලක්‍ෂ ගාණක්‌ වියදම් කරනවාද? - වෙබ් අඩවිවල යන කතාවලට අංජුලා කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 15, 2018

Gossip Story About Anjula Rajapaksha | ලස්‌සන වෙන්න ලක්‍ෂ ගාණක්‌ වියදම් කරනවාද? - වෙබ් අඩවිවල යන කතාවලට අංජුලා කියන කතාව

ලස්‌සන වෙන්න ලක්‍ෂ ගාණක්‌ වියදම් කරනවාද?
- වෙබ් අඩවිවල යන කතාවලට අංජුලා කියන කතාව

එක එක දේවල් විකුණගන්න අපිව පාවිච්චි කරනවා

විවිධ චරිත සමගින් අපට හැමදාමත් පුංචි තිරයෙන් මුණගැහෙන ඇය අංජුලා රාජපක්‌ෂ. කාලයත් සමග ඉදිරියට යමින් තම ජනප්‍රියත්වය හා වෘත්තීය වපසරිය පෝෂණය කරගන්නා නිළියක ලෙස හැදින්විය හැකි අංජුලා මේ දිනවල පුංචි තිරයේදී අතිශය අවධානයට ලක්‌වූ චරිතයක්‌. ඒ අංජුලාගේ රංගනය මෙන්ම ඇගේ විලාසිතාවන්ද නිසාවෙන්. අංජුලා කෙරෙහි වැඩි ප්‍රෙAක්‌ෂක අවධානයක්‌ යොමුව තිබෙන සමයක මේ අවධානයට බලපෑ කාරණා දෙක ගැනම අංජුලා අපට මෙලෙස කරුණු පැහැදිලි කළා.

දෙවැනි ඉනිමේ අමීෂා අංජුලාට අලුත් ජනප්‍රියත්වයක්‌ එක්‌කළා කිව්වොත් ?
දෙවැනි ඉනිම පිට පිටම ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වුණා. දැනටත් එකසේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර තියෙනවා. දෙවැනි ඉනිමේ අමීෂා කියන චරිතය නිසා මගේ ජනප්‍රියත්වය තව තවත් වැඩිවුණා.
අමීෂාගේ චරිතයට ආදරය වගේම අනාදරයත් ලැබෙන බවටයි ආරංචි ?
සමහරු අයියෝ අම්මෝ නපුරු කියනවා. ඒත් හැමෝම අමීෂව දකින්න කැමැතියි. ගොඩක්‌ පිරිමි දරුවො ඉන්න අම්මල අනේ අම්මා අමිෂා ආන්ටි වගේ වෙන්න කියනව කියල කියනවාලු. මොකද කොයි වෙලාවකවත් දරුවාට බනින්නේ නැහැනේ.
අංජුලා හැමදාමත් දකින්න ලැබෙන නිළියක්‌ වෙන්න හේතු වූ කාරණාව මොකක්‌ද ?
මම ක්‍ෂේත්‍රයටඇවිත් අවුරුදු දහඅටක්‌. මේ කාලය පුරාම මම විවේකයක්‌ නැතිව එක දිගට වැඩ කළා. මගේ මොකක්‌ හරි වටිනාකමක්‌ තියෙන නිසානේ මට මොකක්‌ හෝ චරිතයක්‌ ලැබෙන්නේ. ඉතින් මම බොහොම සහයෝගයෙන් නිහතමානීව බොහොම කැපවීමෙන් මගේ කාර්ය කරගෙන යනවා.
සිනමාවේ දකින්න නැති තරම් ?
මම වැඩි කාලයක්‌ ටෙලිනාට්‍යවලට යොමුකළ නිසා සිනමාවේ ඇතැම් අවස්‌ථා මග හැරුණා. නමුත් මම සිනමාවට කැමැතියි. මම ආස කාලත්මක සිනමාවට. මට ඒ පැත්තෙන් ඇරයුම් ලැබිලා නැහැ. මට එවැනි ඇරයුමක්‌ ලැබුණොත් බොහොම කැමැත්තෙන් වැඩ කරනවා.
අංජුලා ජනප්‍රියත්වය හා එහි වටිනාකම ගැන හිතන්නෙ කොහොමද?
මම ජනප්‍රිය වෙන්න කිසිම උපක්‍රමයක්‌ භාවිත කළේ නැහැ. මම කවදාවත් ජනප්‍රියම නිළිය කියන ගොඩේ ඉදලා නැහැ. මට එහෙම සම්මාන ලැබිලත් නැහැ. අද තියෙන වාතාවරණයත් එක්‌ක ඕනෑම කෙනකුට එක රැයකින් ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් හොඳ දෙයක්‌ කරල හොඳ විදිහට යන ගමන තමයි මට වටින්නේ. එහෙම ගමනක්‌ තමයි මම ඇවිත් ඉන්නෙ.
ඇයි මේ මාධ්‍ය මගහරින්නේ?
මට මාධ්‍ය මගින් ඇරයුම් ලැබෙනවා. මම අවශ්‍යම කරන උත්සවයකට සහභාගි වෙනව හැරුණම වැඩිය ප්‍රිය සම්භාෂණවලට යන කෙනෙක්‌ නෙවෙයි. පුවත්පත් සාකච්ඡාවලටත් ඇරයුම් ලැබනවා. ඇත්තටම මාධ්‍යයට මම ගරුකරනවා. කවදාවත් මාධ්‍ය මාව අපහසුවට පතකරලා නැහැ. මම මාධ්‍ය සමග සුහදතාවයක්‌ නැත්නම් එහෙම වෙන්නෙ නැහැනේ. ප්‍රශ්නෙ තියෙන්නෙ මම ආස ප්‍රෙක්‌ෂකයො මම කරන කලා කටයුතුවලින් මාව දකිනවාට. . මම කන බොන විදිහ ජීවත් වන විදිහ එයාලට ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ.
කොහොමද විවාහ ජීවිතය ?
විවාහයත් එක්‌ක කලා කටයුතු පැත්තෙන් වෙනසක්‌ නැහැ. එයත් කලාවට සම්බන්ධ කෙනෙක්‌. අපි හදුනාගත්තෙත් කලා කටයුත්තකදී. මේක යෝජිත විවාහයක්‌. එතැනදී මම මගේ වෘත්තිය හැරයන්න බැරි බව එයාව දැනුවත් කළා. කසාද බැන්ද කියල වෘත්තිය පැත්තෙන් හෝ ජීවිතය පැත්තෙන් වෙනසක්‌ වුණේ නැහැ.
ඒ කියන්නේ ගෘහණිය බිරිදකගේ වගකීම් ඔබට විශේෂත්වයක්‌ නොවුන බවද ?
ඒක ගැහැනියක්‌ විදිහට අපිට උරුම දෙයක්‌නේ. කලාකාරිණියක්‌ තියා ජනාධිපතිනියක්‌ වුණත් ගැහැනියකට ඒ යුතුකම් උරුමයි. ඒක ජීවිතයට ප්‍රශ්නයක්‌ බරක්‌ කරගෙන ජීවත් වුණොත් ප්‍රශ්නයක්‌ නැහැ.

අංජුලා රූපයට හරියට විදයම් කරනවා නේද?.
අනේ නැහැ.
එතකොට වෙබ් අඩවිවල පැතිරුණ කතා බොරුද?
මම පසුගිය දවසක සමාජමාධ්‍ය ජාලයක දැක්‌කා රූපයට වැඩියෙන්ම වියදම් කරන නිළියෝ දහදෙනෙක්‌ නම් කරලා. මගේ නමට ඉදිරියෙන් මමත් මාසයකට එක්‌ ලක්‌ෂ ගාණක්‌ වියදම් කරනවා කියල දාලා තිබුණා. අනේ මම එහෙම වියදම් කරන කෙනෙක්‌ නෙවෙයි. අපේ ගෙදර කනබොන දේවල් හැරුණම එහෙම අනවශ්‍ය විදිහට ආලේපන ජාති ගාගෙන ඉන්න කෙනෙක්‌ නෙවෙයි.
හැබැයි අප නිතරම දකින්නේ බොහෝ විලාසිතා කරන්නියක්‌ ලෙසයි ?
සාමාන්‍ය දිවියේ මේකප් දාගන්නේ නැති කෙනෙක්‌. රූපගත කිරීම් ඉවරවුණ ගමන් මේකප් ඉවත් කරල ගෙදර එන්නේ. මේව සමට අහිතකර නිසා. මම කොණ්‌ඩය නම් පාට කරනව. මම සුදු වෙන්නෙ එන්නත් අරගෙනද කියලත් සමහරු අහනවා. ඇත්තටම මම උපතින්ම සුදුපාට සමක්‌ තිබුණ කෙනෙක්‌. සමේ පැහැය මගේ පියාගේ පාර්ශ්වයෙන් මට උරුම වුණ දෙයක්‌. එක එක්‌කෙනා එක එක දෙවල් විකුණගන්න ඕනෑ වුණහම අපිව පාවිච්චි කරනවානේ. මම නම් කියන්නෙ ස්‌වාභාවික දෙයක්‌ කරනවා හැරුණම ලස්‌සන වෙන්න එකඑක ජාති පාවිච්චි කරන්න එපා කියලයි.
ධම්මිකා සුරංජි පතිරණ

No comments:

Post a Comment

Post Bottom Ad