ගෑස් - කිරිපිටි ලබන මාසයේ ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 26, 2018

ගෑස් - කිරිපිටි ලබන මාසයේ ඉහලට

මැයි මාසයේ සිට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් සහ කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩිවීමට ඉඩ ඇතැයි රඡයේ ආරංචි මාර්ගවලින් පැවැසේ. ලෝක වලළඳපොල් කිරිපිටි සහ ගෑස් මිල වැඩිවිම. ඩොලරයේ අගය ඉහළ යාම අනුව මෙරට කිරිපිටි හා ගෑස් මිල
වැඩි කිරිම සඳහා

අවසර ලබාදෙන ලෙස කිරිපිටි හා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයන් හා ජීවන වියදම් කමිටුවෙන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම වැඩි කිරීම සිදුවන බව පැවසේ.මෙවන විට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් හා කිරිපිටි. කිලෝවක මිල රුපියල් 100 කින් වැඩි කිරිමට අවසර ලබා දෙන ලෙස එම සමාගම් පාරිභේගික අධිකාරියෙන් ඉල්ලා තිබිණි.
මේ වනවිට කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 325ක් ද කිලෝවක මිල රුපියල් 810ක් ද වන අතර කිලෝග්‍රෑම් 12.5 ගාහ ගෑස් සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 1431කි.

No comments:

Post a Comment

Post Bottom Ad