අළුත් අවුරුද්දේ පෙම්වතියට මන්නෙකින් කොටා වැඩ ඇරඹූ පෙම්වතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 18, 2018

අළුත් අවුරුද්දේ පෙම්වතියට මන්නෙකින් කොටා වැඩ ඇරඹූ පෙම්වතා


අළුත් අවුරුද්දේ පෙම්වතියට මන්නෙකින් කොටා 
වැඩ ඇරඹූ පෙම්වතා

නව වසරේ වැඩ ඇල්ලීමේ නැකැත් හෝරාව ආසන්නයේ තම පෙම්වතිය ගමන් ගත් වෑන් රථය ලොරි රථයකින් හප්පා ඇයගේ දෑත් දෙපා තියුණු ආයුධයකින් කපා  නැන්දම්මාටද පහරදී වැඩ ඇරඹූ පෙම්වතකු පොලිස් අත්අඩංගුවට පත්ව තුවාල ලැබූවන් ගම්පොළ රෝහලට ඇතුළත් කළ සිදුවීමක් ගම්පොළ මාවතුර
ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිදුවීමෙන් කැපුම් තුවාල හා වාහනය හැප්පීම් නිසා හිසට සිදු වූ තුවාල හේතුවෙන් පෙම්වතිය බරපතළ තත්වයේ සිටින බව ගම්පොළ පොලීසිය කියයි.

ගම්පොළ මාවතුර රිවසයිඩි රජ ඇල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම පෙම්වතිය සිය මව සමග ගම්පොළ

නගරයේ සිට නිවස වෙත තම කුඩා වෑන් රථයේ ගමන් කරමින් සිටියදී ඇය සොයා පැමිණි පෙම්වතා ඔහු සතු කුඩා ලොරි රථය වේගයෙන් පදවාගෙන විත් මෙසේ ඇයගේ වෑන් රථයේ හප්පා ඇති බව පොලිස් පරික්ෂණවලින් අනාවරණය වේ.
මෙම පෙම්වතා ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඇය සමග වසර 4ක් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත. කලින් විවාහයක්ද කරගෙන සිට ඇති ඇය එම සැමියාගෙන් වෙන්ව මොහු ආශ්‍රය කර ඇති අතර, ව්‍යාපාරිකයකු වන නව පෙම්වතා ඇය වෙනුවෙන් බොහෝ වියදම් දරා ඇත.
ඔවුන් වෙනුවෙන් නිවසක්ද ඉදි කරමින් තිබී ඇති අතර මෙම පෙමිවතිය වෙනත් අයකු ඇසුරු කරන බව මොහුට දැනී ඇත.

එය දරාගත නොහැකි මොහු මාවතුර ප්‍රදේශයේ පිහි කැති හදන ස්ථානයකින් රුපියල් 1500ක් ගෙවා දිග මතයක්ද මිලදී ගෙන මෙසේ ඇය සොයා පැමිණ තිබේ. මෙම මන්නයෙන් පහරදීම නිසා ඇයගේ අත් හා කලවා තුවාල වී ඇති බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇත. මෙම සිද්ධියෙන් වාහන දෙකටද අලාභ හානි සිදු වී තිබේ. ගම්පොළ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මැයි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad