පාතාල මගුලට ආරක්ෂාව දුන්නේ වැල්ලේ සුරංග මනමාලයා මරන්න එන බව කියා තිබූ නිසාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 27, 2018

පාතාල මගුලට ආරක්ෂාව දුන්නේ වැල්ලේ සුරංග මනමාලයා මරන්න එන බව කියා තිබූ නිසාලු


කොළඹ මෝදර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරමේ නිරත පාතාල කල්ලියකට සම්බන්ධ බව කියන තරුණයකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට පෙරේදා (25) ප්‍රභූවරයකුටත් නැති තරමින් පොලිස් ආරක්ෂාව ලබාදී තිබීම සම්බන්ධ පුවත පිළිබඳ තවත් තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබේ.
එම ආරක්ෂාව සලසා ඇත්තේ ඉහළ පොලිස් නිලධාරීයකුගේ
නියෝගයකින් බවත්
මට්ටක්කුලීය, අලියවත්තේ පදිංචි එම පාතාලයට සම්බන්ධ තරුණයාගේ විවාහ මංගල්‍ය උත්සවය වත්තල. ඇළබඩවතේ පිහිටි හෝටලයක පවත්වද්දී සහ ඔවුන්ගේ දෙවැනි ගමනේ උත්සවයද එම හෝටලයේම ලබන 28 දා පවත්වන්නට සූදානම් වෙද්දී මරණ තර්ජන ලැබීම සහ ඒ ඔස්සේ පාතාල සාදාජිකයින් කෙතාටු කරගන්නට පොලිසියට අවස්ථාවක් උදාවීම මත මෙම ආරක්ෂාව ලසසා ඇති බවත් අනාවරණය වෙයි.


මේ වනවිට පොලිසියට කට්ටි පනිමින් සිටින මෝදර ප්‍රදේශයේ පාතාලයේ ප්‍රබලයකු වන වැල්ලේ සුරංග නමැති අය විවාහ මංගල්‍ය උත්සවයට කඩා වැදී මනමාලයා ඇතුළු ඔහුගේ මිතුරන් ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව බුද්ධි අංශවලට කල්තියා තොරතුරු ලැබී තිබීම සහ මනාලයාට ලද තර්ජන අනුව එය සනාථවීම මත මෙම පියවර ගෙන තිබේ. එම ප්‍රහාරය මනමාලයාගේ පාර්ශ්වයේ අයද දැන සිටින බැවින් ඔවුන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සුදානමින් සිටින බව අනාවරණය කරගත් බුද්ධි අංශ ඒ ගැන බලධාරීන්ට දැනුවත් කර ඇත්තේ අවි ආයුධ සමග දෙපාර්ශවයම කොටුකර ගැනීමට එය හොද අවස්ථාවක් බව සඳහන් කරමිනි.
ගිනි අවි සමඟ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට පොලිසියට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ විවාහ මංගල්‍යය පැවැත්වෙන දින කිසිදු ලේ වැගිරවීමක් නොවන ලෙසට වගබලා ගන්නා ලෙසය. ඒ අනුව මට්ටක්කුලියේ සිට වත්තල පිහිටි හෝටලය දක්වා මනමාලයා ගමන් කරන විට පොලිස් ස්ථාන තුනකින් ඔහුට ආරක්ෂාවක් ලබාදී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

පෙර ගමන් රථයක් ලෙස පොලිස් යතුරුපැදි දෙකද ගමන් කර ඇති අතර පසුපසින් පොලිස් ජීප් රථයක් ගමන් කර ඇත. විවාහ මංගල්‍යය අවසන්ව යුවළ හෝටලයෙන් පිටව යනතුරු හෝටලයට පොලිසියේ 20 දෙනකුගෙන් සන්නද්ධ ආරක්ෂාවක්ද යොදවා තිබේ. ඉහළ පොලිස් නියෝගයක් මත වත්තල පොලිසියේ  ස්ථානාධිපතිවරයාට පවා එම ස්ථානයේ රැදී සිටීමට සිදුව ඇත.

පෙර වාර්තාව
පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්

No comments:

Post a Comment

Post Bottom Ad