රත්නපුර නායයාමේ අවදානම තවම අවසන් නෑ- ඉරිදා හවස නිවේදනය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 29, 2018

රත්නපුර නායයාමේ අවදානම තවම අවසන් නෑ- ඉරිදා හවස නිවේදනය


රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අවදානම් නිවේදන දිර්ඝ කර තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණය සමග නායයාම් පිලිබද දැඩි ලෙස විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත.
 සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙසේ කියයි.
” ඊයේ දිනයේදී නෙලුව මොරවක මාර්ගයේ අවහිරය තවමත් එම ගල පෙරලීම හේතුවෙන් මැද ගම ප්‍රදේශයේන් වාර්තා වෙනවා එය දැනට ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා..නෙළුව ප්‍රදේශයේන් තද වැසි වාර්තා වෙනවා…මීට අතරව

කළු ගඟේ ජල මට්ටමේ සුළු වැඩිවීමක් නෙල්ල කන්ද ප්‍රදේශයේන් වාර්තා වෙනවා..ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් ලබාදීලා තිබෙන නාය යෑම් අවදානම් නිවේදනය අද රාත්‍රී වනතෙක් වලංගු වෙනවා…ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ අහැලියගොඩ,ඇලපාත ,කුරුවිට ,රත්නපුර කියන ප්‍රදේශයි නායයෑම් ලක්ෂණ දුටු වහාම ඒ පිළිබඳව විමසිලිමත්වන්න…මඩවතුර උල්පත් මතුවීම ,ගස් ඇලවීම ,කදුකඩාවැටීම් සුළු සුළු ආකාරයෙන් පැවතීම ඇතුළු පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව විමසිලිමත් වෙන්න…117 දුරකතන අංක විවෘතයි පැය විසිහතර පුරා..මේ වන විට සියලුම දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකක ත්‍රිවිධ හමුදාව ,පොලීසිය සූදානම් කරලා ඒ අවශ්‍ය පරිදි ඉදිරි කටයුතු වෙනුවෙන් සූදානම් කරලා තියනවා…”

No comments:

Post a Comment

Post Bottom Ad