තෙල් මිල ඉහළ දැමීමේ තීරණයක් තවම නෑ - ඇමැති අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 19, 2018

තෙල් මිල ඉහළ දැමීමේ තීරණයක් තවම නෑ - ඇමැති අර්ජුන

තෙල් මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගන්නේ අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එක්ව බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ නව වසර සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා ඛනිජතෙල්
තොග ගබඩා

පර්යන්ත සමාගමේ නිලධාරීන්ට, සේවක සේවිකාවන්ට උදා වූ අලුත් අවුරුද්දේ සුබ පැතීමේ උත්සවයට සහභාගිවෙමිනි. එම උත්සව එම ආයතන පරිශ්‍රයන්හිදී අද (19) පැවැත්විණ.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා  යුතුද නැතිනම් මහජනතාවට සේවා සපයන ආයතන ලෙස පවත්වාගෙන යායුතුද යන්න ගැන මේ දක්වා කිසිම ආණ්ඩුවක් තීරණයක් ගෙන නැහැ. නමුත් එම තීරණය ආණ්ඩුවක් හැටියට ඉක්මනින්ම ගත යුතු වනවා. ඒ වගේම තෙල් මිල ඉහළ දමනවාද නැත්ද යන්න අද බොහෝ දෙනෙක් කථා කරන දෙයක්. මුදල් අමාත්‍යාංශයත් බලාධාරිනුත් ඒ ගැන අප සමඟ සාකච්ඡා කරනවා. නමුත් තෙල් මිල වැඩි කිරීමට හෝ අඩු කිරීම ගැන තීරණය ගත යුත්තේ ආණ්ඩුව විසින්. මේ රටේ කැබිනට් මණ්ඩලයත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් විසින්....” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad