සල්මන්ට ඇප ලැබේ - විනිසුරු මාරුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 9, 2018

සල්මන්ට ඇප ලැබේ - විනිසුරු මාරුවේ


වසර 20 කට පමණ පෙර දුර්ලභ ගණයේ මුවන් දෙනකු ඝාතනය කිරීමට වරදකරු ලෙස 5 වසරක් සඳහා සිරගත කෙරුණු සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඒ සම්බන්ධව සිරගත වුවත් දින 2කට පසුව ඇප ලබා නිදහස් විය.

ඔහු සිරගත කරන විටත් දින කිහිපයකින් නිදහස ලද හැකි බවට වාර්තා පළවූ අතර ඔහුගේ අභියාචනය සළකා බැලූ ජෝද්පූර් අධිකරණ විනිසුරු රවීන්ද්‍ර කුමාර් ජෝෂී තීන්දුවක් දෙමින් ඔහුට ඇප ලබා දුන්නේය.

ඉන්දීය රුපියල්. 50,OOOක ශරීර ඇප දෙකක් මත සල්මන් ඛාන් පෙරේදා (07) නිදහස් වී තිබිණි. කෙසේවෙතත් විදේශගත වීමේදී ඔහුට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට සිදුවේ. මේ පිළිබඳ තවත් නඩු වාරයක් මැයි 7 වැනිදා ද විභාග වීමට නියමිත ය. සමන් ඛාන්ට මෙම නඩුවට අදාළව වරදකරු වී තිබුණේ වසර 20ක් පුරා විභාග වූ නඩුවක තීන්දුවක් ලෙසයි. ඔහු සමඟ චෝදනා ලබා තිබූ 'හම් සාත් සාත් හෙයින්' චිත්‍රපටයේ රඟපෑ තවත් බොලිවුඩ් නළු නිළියන් සිව්දෙනකු නඩුවෙන් නිදොස් කොට තිබිණ.


මේ අතර රාජස්ථාන් විනිසුරුවරයෝ 87 දෙනකුට මාරුවීම් ලැබී ඇති අතර ඒ අතර රවින්ද්‍ර කුමාර් ජෝෂ් ද වේ. මෙය වාර්ෂිකව සිදුවන මාරුවීමක් වුවද ඇප තීන්දුව ලබාදී දිනකට පසු මෙම මාරුවීම් ලබාදීම පිළිබඳ රට තුළ තරමක ආන්දෝලනයට තුඩු දී තිබේ.

ජෝද්පූර් මධ්‍යම අධිකරණය තුළ නොම්මර 106 නමින් සල්මන් බාන් සිරගතව සිටි දින දෙකක කාලය තුළ ඔහුට සෙසු අයට මෙන්ම දුරකතන අංක 2ක් සදහා ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සලසා ඇත. ඔහු මවගේ  හා පියාගේ අංක ලබාදී ඇමතුම් ගැනීමට උත්සහ කළද  එය අසාර්ථක වූ බව බන්ධනාගාර නිලධාරීන් පවසා තිබේ. සිරමැදිරියේ පළමු රාත්‍රිය ඔහුට අතිශය අවිවේකී රාත්‍රියක් වූ බව එරට වාර්තා පළකළේ ය.

 ඊට හේතුවුයේ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් වරින් වර පැමිණ ඔහුගේ තත්ත්වය විමසීමත් ඔහුට අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය හැකි බවටත් විමසිම හේතුවෙනි. එය සල්මන් ඛාන් විසින් නිහතමානීව ප්‍රතිෂ්ප කර
තිබූ බවත් එහෙත් හිරබත් (සිරකරුවන්ට ලබාදෙන ආහාර) ප්‍රතික්ෂේප කළ බවත් එම වාර්තා පැවැසීය. ඒ වෙනුවට සිර කඳවුරේ ආපනශාලා වලින් ආහාර මිලදීගත හැකිද යන්න සල්මන් විමසා තිබේ. ඔහු කීරි වීදුරුවක් හා පාන් ඉල්ලා ඇති අතර ආපනශාලාවෙන් ලබාගෙන ඔහුට ඒවා ගෙනවිත් දීමට කටයුතු සලසා ඇත. කෙසේවෙතත් ගතවු දින දෙක තුළ ආහාර වේල් කිහිපයක් මගහැරුණ ද සල්මන් සිරගත කාලය තුළ ව්‍යායාම අත්නොහැරී බවට ද එරට වාර්තා සදහන් කළේ ය.


දිනකට පැය 3ක් පමණ ඔහු ව්‍යායාම කළ බව බන්ධනාගාර නිලධාරියෙකු පවසා තිබේ. සිර මැදිරියේ දමා තිබෙන අතුරනයේ වැතිරෙන සල්මන් මධ්‍යම රාත්‍රියේ නින්දට ගොස් උදෑසන කඳවුරේ සීනුව නාදවන විට නැගිට යළිත් නින්දට ගොස් යළිත් පෙරවරු 8.30ට අවදි වන බව ද ඔහු පවසා ඇත. ඔහු වෙනුවෙන් වැඩි  ආරක්ෂාවක් කදවුරට යොදවා සිටී අතර ඔහු ආහාර  ගන්නා අවස්ථාවේදී අනෙක් සිරකරුවන් මෙන් පිටතට  නොපැමිණි බවත් සිරමැදිරිය තුළම ආහාර ගත් බවත් සඳහන් වෙයි.

1998 සිද්ධියකට අදාළව සල්මන්ට සතුන් ඝාතනය කිරීමේ චෝදනා ගොනු කරන ලද්දේ බිෂනොයි ආගම්වාදී සමුහය විසිනි. සල්මන් ඛාන්ට ඇප ලබාදීම ඔවුන් හෙළාදැක් ඇති අතර ඊට එරෙහිව චෝදනා ගොනු කිරීමට දැන් එම  සමුහය සැරසෙන බව ද සඳහන් ය.

No comments:

Post a Comment

Post Bottom Ad