රුසියාව්‍ෙ සාප්පු ගින්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 2, 2018

රුසියාව්‍ෙ සාප්පු ගින්න


එකම පන්තියේ සිසු දරුවන් 41ක් ගින්නට බිලි: වියරු වැටුණු නගර වැසියෝ වීදි බසිති
සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 64දෙනෙක් මියගොස් ඇති බවත් එයින් 41ක්ම දරැවන් බවත්  වාර්තා වීමත් සමඟ රටේ ජනතාව විදි බැස්සාහ. පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට  බල කරමිනි. ජනතාව වඩාත් ප්‍රකෝප වී ඇත්තේ එක පන්තියක පාසල් දරුවන් සියලුදෙනාම එකට මේ ගින්නට බිලිව ඇති නිසාය. හතරවැනි වතාවටත් ඊයේ පෙරේදා රටේ බලයට ආ පුටින් වහාම සිද්ධිය වූ තැනට පැමිණ කඩාකප්පල්කාරින්ගේ මේ ක්‍රියාව හෙළාදුටු අතර වරදකරුවන්ට දැඩි දඬුවම් දෙන බව කීය. බටහිර මාධ්‍ය කියන්නෙ වාර්තාගත ප්‍රමාණයට වඩා බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවය. ගින්නටත් ඉන්පසු මහපාරට බැස්ස උද්ඝෝෂණයටත් එරෙහිව පුටින් ඇතුළු රජය වරද පටවන්නේ විපක්ෂය වෙතටය.
මෙම ගින්න සැලසුම් සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව තහවුරු වන්නේ ගොඩනැගිල්ලේ ගිනි අනතුරු සංඥා ක්‍රියාවිරහිතව තිබීමත් හදිසි අවස්ථා දොරටු යතුරු දමා තිබීමත් හේතුවෙනි. මේ සම්බන්ධව ගොඩනැගිල්ලේ කළමනාකරු ඇතුළු හයදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත. මේ ප්‍රාන්තය පුටින්ට පසුගියදා ජනාධිපතිවරණයෙන් 85%ක ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලබාදුන් තැනකි. මේ ගින්න පුටින් කෙරෙහි ඇති කැමැත්ත බිඳ දමන්නට ඇටවූවක් බව රජයේ අදහසයි.
වින්ටර් චෙරි නම් වු මෙම සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන ඇති අතර ඊට ගොදුරු වූ වැඩිදෙනා සිනමා ශාලා තුළ සිටි අයයි. ජීවිත ගලවා ගැනීම සඳහා ජනේලවලින් මේ ඇතැමුන් පිටතට පනින අයුරු සමාජ මාධ්‍ය හරහා පළවූ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණි.
රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝමීටර 3,600ක් (සැතපුම් 2,200) නැගෙනහිරින් පිහිටි කෙමෙරොවෝ ප්‍රමුඛ පෙළේ ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශයකි. ගින්නට හේතුව නිශ්චිතව අනාවරණය වී නැතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ. 2013 වසරේදී විවෘත කෙරුණු මෙම සාප්පු සංකීර්ණය සිනමාශාලා, ආපනශාලා, බෝලිං ක්‍රීඩාගාරයක් මෙන්ම ළමා සත්වෝද්‍යානයකින්ද සමන්විතය.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට එහි වේලාවෙන් සවස 5ට පමණ ගින්න හටගෙන ඇත්තේ ගොඩනැගිල්ලේ විනෝදාස්වාද සංකීර්ණය අයත් කොටසේය. සිනමා ශාලා දෙකක වහල කඩා වැටී ඇතැයි රුසියානු විමර්ශන කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්විණි. වර්ග මීටර 1,500ක ප්‍රදේශයක ගින්න පැතිර පැවති බව කියයි. කෙමෙරොවෝහි නියෝජ්‍ය ආණ්ඩුකාර ව්ලද්මීර් චෙරොනොෆ් පැවසූ පරිදි සිනමා ශාලාවකින් මළසිරුරු 13ක් සොයාගෙන තිබේ.
දිසි සේවා විසින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන ඇති අතර තවත් 29 දෙනෙකු ගලවාගෙන ඇත.
8,889 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad