බලපිටිය-මාතර-පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය ගැන අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 21, 2018

බලපිටිය-මාතර-පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය ගැන අනතුරු ඇඟවීමක්

අද රාත්‍රියේ සිට ලබන 23 වන

දින දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 02ත් 03ත් අතර ප්‍රමාණයකට ඉහළයා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

මීට අමතරව පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සවස් කාලයේ වැසි ඇති විය හැකි බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියි.

පවතින තත්ත්වයන් පිළිබඳ ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad