යාපනයේ මියගිය විද්‍යාගේ උපාධිධාරී සොහොයුරියට ජනපතිගෙන් රැකියාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 25, 2018

යාපනයේ මියගිය විද්‍යාගේ උපාධිධාරී සොහොයුරියට ජනපතිගෙන් රැකියාවක්


ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරා වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන  නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරී
පත්වීමක් ප්‍රදානය

කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ  සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියන්ගේ නිවෙසට ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවියට මෙම පත්වීම් ලබාදීමට කටයුතු කර තිබේ. විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවීණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වතී ශිවලෝගනාදන් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad