ගෙවුණු තෙමස තුළ කටුනායක ගමන් මලු අස්ථානගත වීම් ගැන පැමිණිලි 75ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 27, 2018

ගෙවුණු තෙමස තුළ කටුනායක ගමන් මලු අස්ථානගත වීම් ගැන පැමිණිලි 75ක්


කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔස්සේ  මෙරටට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය තෙමසක කාලය තුළදී පැමිණිලි 75ක් ලැබී ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
පසුගිය 25 වැනිදා මැදපෙරදිග රටක  සිට කටුනායකට පැමිනි ගුවන් මගියෙකුට අයත් විදේශීය මුදල් සහ වටිනා දේපොළෙ තිබූ ගමන්මල්ලක් ගුවන්තොටුපළ ( බැගේජ් බෙල්ට්) අසලදී අස්ථානගත වීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) නිරීක්ෂණය කර සිද්ධියට අදාළ ගමන්මල්ල රැගෙන ගිය පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කර ඇතැයි ගුවන්තොටුපළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබිලිව්.ඒ. ජයනාත් වනසිංහ මහතා පවසා සිටියේය.

ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබෑ පසු මගීන් පැමිණ තමන්ට

අයත් ගුමලු ලබා ගැනීම සඳහා පැමිණීම් පර්යත්තයේ රැඳී සිටින අවස්ථාවලදී ඇතැම් මගීන් අතපසු වීම හෝ හිතාමතා වෙනත් අයෙකුට අයත් මන්මලු රැගෙන ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති අවස්ථා සැලකිල්ලට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස අස්ථානගත වී ඇති වටිනා දේපොළ සහිත ගමන් මලු සොයා දීමට සහ දින 21කට පසුව රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධව ගුවන් සමාගම් සමග කටයුතු කිරීමේදී ගැටලු මතුව ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පැවසීය. සාවධ්‍ය පරිහරණය හා විශ්වාසය කඩකිරීම යන කරුණු මත අන් අයෙකුට අයත් ගමන් මලු හෝ දේපොළ රැගෙන ගොස් ඇති සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුට නඩු පවරා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad