මත්ද්‍රව්‍ය ගුහාවක්වූ අම්බලන්ගොඩ ෆේස්බුක් සාදය 11 දෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 26, 2018

මත්ද්‍රව්‍ය ගුහාවක්වූ අම්බලන්ගොඩ ෆේස්බුක් සාදය 11 දෙනෙකු අත්අඩංගුවට


අම්බලන්ගොඩ ගොඩගම උත්සව ශාලාවක පසුගියදා ෆේස්බුක් මිතුරු සංසදයක සාදයක් පවත්වා තිබේ.
මත්ද්‍රව්‍ය ලබාගෙන විනෝද වන්නන් සිටින බවට ලැබුණ ඔත්තු අනුව පොලිසිය මෙම ස්ථානය වටළන්නට යෙදුණ අතර මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි සැකකරුවන් 11දෙනෙකු අතඅඩංගුවට ගන්නට හැකිව තිබේ.
මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් එම්. ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 11ක ශරීර ඇප මත මේ වනවිට මුදාහැර තිබේ.
ඒ අයකොළඹ, රත්නපුර තඹුත්තේගම, මහනුවර, හෝමාගම, පානදුර ආදී ප්‍රදේශවල පදිංචිව සිටියදි ෆෙස්බුක් හරහා මිතුරන් ලෙස එක්වූ පිරිස්ය.
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ සංසදයකට අයන් 200කට වැඩි
තරුණ තරුණියන් පිරිසක්

මම සාදයට එක් වී සිටි අතර පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් යොදවා මන්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු කර ගැනීමෙන් පසු මිටියාගොඩ පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන හතරක නිලධාරීන් යොදවා මේ වැටලීම සිදු කෙරුණි.
සාදයට සහභාගී වන එක් අයකුගෙන් රුපියල් පන්දහසක් අය කර ගෙන ඇති අතර ගංජා, හෂීස් හා රුපියල් හත්දහසක් පමණ වන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සියලු
දෙනාම පරීක්ෂා කිරීමෙන් පසුව උත්සව ශාලාවේ හිමිකරු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයයට දන්වා සිටියේය. පොලීසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇප මත මුදා හැර නැවත කැඳවීම ජූලි මස 14 වන දිනට කල් තැබිණි. ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ ඩී. තල්දූව මහතාගේ උපදෙස් මත මීටියාගොඩ පොලීසියේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad