ජනපති ගෙදරින්ම සුද්ධය අරඹයි - බෝපේට පස්සේ ලලිත්වත් යවයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 1, 2018

ජනපති ගෙදරින්ම සුද්ධය අරඹයි - බෝපේට පස්සේ ලලිත්වත් යවයි.


ජනාධිපති මාධ්‍ය අංශය සුද්ධ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති අතිරේක ලේකම් (මාධ්‍ය) ලෙස කටයුතු කළ නිමල් බෝපගේ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව මාධ්‍ය අංශයේ උපදේශකයකුව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී සහ විදේශ ප්‍රවෘත්ති විචාරක ඒ. බී. ලලිත් ද සිල්වා මහතාද එම ධූරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ.

ඔහු එම ධූරයෙන් ඉවත් කර ඇත්තේ තමාට පැවරුණ විශේෂ කාර්යක් ජනාධිපති මාධ්‍යයේ නැතිබව පවසමින් එහි සිටීමෙන් ප්‍රයෝජනයක් නැති බව ඔහු විසින්ම සඳහන් කරමින් ජනපතිවරයාට යොමුකර තිබූ ලිපියකට අනුව බව පැවසේ.

ලලිත් මහතා නුගේගොඩ පිහිටි හෝටල් පාසලෙහි හිමිකරු බවද වාර්තා වේ.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශයේ ජායාරූප අංශය සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බවත්, එසේම රැකියා කිහිපයක නිරවන පිරිසක් සම්බන්ධයෙන් මුස්ලිම් අමාත්‍යවරයකු විසින් පැමිණිලි කිරීමක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව මේ අතර වාර්තා වේ.

බොපගේ මහතා ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස මෙන්ම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ අතර ඔහු එම ධූරයෙන්ද ජනාධිපතිවරයා විසින් ඉවත්කරනු ලැබිණි.

බෝපගේ මහතා ඉවත් කිරීමෙන් පසුව එම තනතුරට නගර සැලැසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන සරත් චන්ද්‍රසිරි මහතා පත්කර තිබේ.

ජනපතිවරයා වෙනුවෙන් පසුගිය දිනවල වේදිකාවේ ගැයුණු සත්‍යයේ මිනිසා ගීතය ද නිමල් මහතා විසින් රචිත එකක් බව පැවසෙන අතර නිමල් ඉවත් කිරීමට හේතුව ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම බව ජනපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයකු කියා සිටියේය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප නිමල් බෝපගේ මහතා දුරකථනය ඔස්සේ සම්බනධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

No comments:

Post a Comment

Post Bottom Ad