සජින්වාස් ඇතුළු නඩයේ යටගැසූ දූෂණ මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 22, 2018

සජින්වාස් ඇතුළු නඩයේ යටගැසූ දූෂණ මෙන්න…


මහින්ද රාජපක්ෂ පාලන සමයේ ප්‍රබල චරිතයක් මෙන්ම ජනාධිපතිවරයා හා සමීපව කටයුතු කළ පුද්ගලයෙකි සජින් වාස් ගුණවර්ධන. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීරයෙකු ලෙසත් මහින්ද රාජපක්ෂගේ සියළු විදෙස් සංචාරයන් හි අනිවාර්යය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කළ සජින්වාස් ගුණවර්ධන දූෂිත රාජපක්ෂ පාලන සමය තුළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඉහළින්ම නම කියවෙන්නෙකි.
සජින්වාස් ගුණවර්ධනට අයත් කොස්මින් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට ඇපරහිතව රුපියල් මිලියන 140ක ලීසිං පහසුම් ලබාදීම හා 2015 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 250ක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයතු සඳහා ලබාදීම මෙන්ම ජනාධිපති කාර්යාලයට වාහන 66ක් සහ විදේශකටයුතු අමාත්‍යාංශයට සුඛෝපභෝගී බස් රථ දෙකක් සඳහා ලීසිං පහසුකම් ලබාදීම මේ අතරින් ප්‍රධාන දූෂිත ගණුදෙනුවේ.
මේ සම්බන්ධයෙන් සිදුකරණ ලද විමර්ශනවලදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන මෙන්ම එම පාලන කාලය තුළ කටයුතු කළ රජයේ නිලධාරීන්ද පහත සඳහන් චෝදනා සඳහා වගකිවයුතු බව තහවුරු වී ඇත.
01. කොස්මින් කන්ට්‍රක්ෂණ් සමාගමට වාහන 33ක් සඳහා කල්බදු පහසුකම් ලබාදීමේදී එම වාරික නොගෙවා රුපියල් 121,050,000.00ක මුදලක් පැහැරහැරීම. මෙම ගනුදෙනුවේදී සජින්වාස් ගුණවර්ධන මෙන්ම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් හා කේ.ඩබ්ලිව්. නිහාල් ජයවර්ධන, වසන්ත කුරේ යන පුද්ගලයින්ද වගකිවයුතු යැයි තහවුරු වී ඇත.
02. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ගුණරත්න ජනාධිපති කාර්යාලයට ලබාගත් වාහන 66න් 15ක් සඳහා වෙළඳපොළ මිලය වඩා වැඩි මිලට මිලදීගෙන රුපියල් 282,750,000.00ක මුදලක් සාවද්‍යව පරිහරණය කිරීම යටතේ චෝදනා ලැබ සිටියි.
03. මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා කල්බදු පහසුකම් ක්‍රියාවලියෙන් බැහැරව පීපල්ස් ලීසිං සමාගමෙන් ලංකා අශෝක් ලේලන්ට් සුඛෝපභෝගී බස්රථ දෙකක් (WPNB6767 / WPNB6768) රුපියල් 359,000,00.00කට මිලදීගෙන අයතා පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මෙන්ම සජින්වාස් ගුණවර්ධනද වැරදිකරුවන් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
ඉහත විමර්ශනයන්ට අදාළව පැමිණිලි තුණක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් විමර්ශන අවසන් කොට නීතිපති දේපාර්තමේන්තුවට යොමු කර ඇත. කෙසේ වෙතත් විමර්ශන අවසන් කොට දීර්ඝ කාලයක් ගතවුවද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ සජින්වාස් ගුණවර්ධන මහින්ද පිලෙන් ගැලවී මෛත්‍රීපිලට එකතුවීමත් සමග ඔහුට අදාලව නීතිය ක්‍රියාත්මක වීම අකර්මන්‍ය වීමයි. 
මේවාට අද මොකද වුනේ... ?
4,223 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad