මං ශෂිනිගේ ගීතෙ හදලා දුන්නේ තුන් වේල නොකා - ධනංජය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 4, 2018

මං ශෂිනිගේ ගීතෙ හදලා දුන්නේ තුන් වේල නොකා - ධනංජය

ඇයි මේ හදිසියේම ඇයව ගායිකාවක් කරන්න හිතුණේ?

ශෂිනිට සින්දු කියන්න පුළුවන් කියලා මං දන්නවා. මම විතරක් නෙවෙයි අපේ පවුලේ අයට මෙන්ම සමීපතමයින්ට ඇගේ ගායන හැකියාව ආගන්තුක නැහැ. ඔය අතරේ අපේ මිත්‍රයකු වන ගායක උදය ශ්‍රී අපේ ගෙදරට ආව ගියා. අපි යෝජනාවක් දැම්මා උදයට ශෂිනිට ගීයක් හදලා දෙන්න කියලා. ඔහු දෙවතාවක් නොසිතා සින්දුව හැදුවා. විශේෂත්වය කියන්නේ පද රචනාවත් ඔහුගේ. ගීතයේ නම දෑසමානේ. උදය හදපු
ගීතය ශෂිනිගේ ශෛලියේ නොවුණත් අප එය ශෂිනිට දුන්නා. ඇය මුමුණ මුමුණ ඉඳලා නොබෝ දිනකින් එය රෙකෝඩ් කළා. ඊටත් පසුවයි වීඩියෝව ගැන හිතුවේ.


එම වීඩියෝව ඔබගේ නිෂ්පාදනයක්?

ඔව්. කාලයක් තිස්සේ වීඩියෝ නිෂ්පාදනයක් කිරිමේ වුවමනාව තිබුණා. හැබැයි එම අදහසසේ පළමු පියවර මියුසික් වීඩියෝවක් වේවි කියලා හිතුවේ නැහැ. දවස් දෙකක් රූපගත කිරීම වෙනුවෙන් වැය වුණා. අති විශාල පිරිවැයක් දරමින් දලුගම සරසවි චිත්‍රාගාරය ඇතුළේ සෙට් එකක් හැදුවා. බොහොම මහන්සි වී කාලයක් තිස්සේ කැපවීමෙන් කළ නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

වීඩියෝවේ කතාන්දරය දිග හැරෙන්නේ කොහොමද?

මමයි බිරියයි විශේෂ අවස්ථාවකදී රෙස්ටුරන්ට් එකකට යනවා. එතනදි මට ගීතයක් ගයන්නට ආරාධනාවක් ලැබෙනවා. මම ඊට එකතු නොවී මගේ බිරියව යවනවා. ඇය සිහින තාරකාවක් පරිද්දෙන් එතැන සෙනඟ මැද ගීතය ගයනවා. ගීතය ඉවර වුණ ගමන් ශෂිනි මා ගාවට එනවා. ඊට පසුව මං කියනවා දැන් මගේ වාරේ කියලා. එතැනින් මතු සම්බන්ධයි.

වීඩියෝව රූපගත කරද්දී වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ?
මෙහි නිෂ්පාදක මම නිසා හැම රාජකාරියක්ම කෙරුණේ මං හරහා. එහෙම වගකීම් රැසක් ඔළුවේ තියාගෙන මං වැඩ කළේ. එක දවසක් මං තුන් වේලටම කාලා නැහැ. පස්සෙයි මතක් වුණේ කෑවෙ නැහැ කියලා. ඒතරම්ම වැඩ.

සටහන - ප්‍රසාද් සමරතුංග
http://www.gallery.gossiplankanews.com/event/sashini-siriwardanes-music-video-launch.html
Pix By - Indika Prabath Weerasinghe

No comments:

Post a Comment

Post Bottom Ad