මහින්දගේ දෙබිඩි දේශපාලනය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 23, 2018

මහින්දගේ දෙබිඩි දේශපාලනය


මහින්ද රාජපක්ෂගේ දෙබිඩි දේශපාලනයේ තවත් එක ජවනිකාවක් පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී මුළු රටම දැක බලාගත්තේය. තමන් වටා එල්ලී සිටින සියලුම මැක්කන් ලවා රනිල්ට එරෙහි විශ්වාශභංගයට අත්සන ලබා ගනිමින් තමන් රනිල් වික්‍රමසිංහට එරෙහි බවට වෙස් මුහුණු බැඳ , තමා ඉන් ගැලවී රනිල්ගේ විශ්වාශය භංග කර නොගැනීමට වග බලා ගත්තේය. ඕනෑම දේශපාලනයක ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එක්කෝ ආණ්ඩුවට පක්ෂව ඔවුන් සමග සිට ගත යුතුය. නැතහොත් එම ආණ්ඩුව පෙරලා දැමීම වෙනුවෙන් දේශපාලනිකව අරගල කල යුතුය. එහෙත් ,මහින්ද රාජපක්ෂ වැනි දෙබිඩි දේශපාලන චරිතයක ඇත්තේ දේශපාලන නපුංසකත්වයකි.

මහින්ද රාජපක්ෂ වටා එති ඇති සොරමුල මෙන්ම , ඕනෑම බේගලයකට නම්මා ගත හැකි සිංහල ජනතාවද සියවරක් නොව දහස් වරක් වුවද රැවටිය හැකි බව ඔහුගේ දෛනික දේශපාලනය තුල කැපී පෙනෙන ලක්ෂණයකි. මහින්ද රාජපක්ෂ අද දින මෙලෙස දේශපාලනයේ රැඳී සිටීමට හැකි ශක්තිය හා ආරක්ෂාව ලබා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ විසිනි. ලාංකීය දේශපාලනයේ දිස්වෙන ප්‍රෝඩාව වරින් වර කරලියට ගෙන ඒමට යම්කිසි " විරෝධයක් " රට්ටුන්ගේ ඉහ මොළ රත් කිරීම වෙනුවෙන් නිර්මාණය කල යුතුය. මහින්ද විසින් රනිල්ට එරෙහිව විශ්වාශභංගය ගෙන එන විට බුකියේ වහල් මෙහෙයේ යෙදෙන අයටද යම් උත්තේජනයක් ගෙන දෙන අතර, ඒ වෙනුවෙන් හැකි පමණ වෙහෙසක් ගෙන කටයුතු කර ස්වයං වින්දනයක් ලබා ගනී. මෙය විවේචනය කරන අනෙකාගේ අම්මාට පමණක් නොව හත් මුතු පරම්පරාවටම තිත්ත කුණුහරුප ලිවීම වෙනුවෙන් තමන්ගේ තුට්ටු දෙක වියදම් කරමින් ඩේටාද කපාගනිමින් තමන්ගේ ලේ ද අනවශ්‍ය ලෙෂ දුෂණය කර ගනී.

නමුත් තිරයෙන් පිටුපස රනිල් හා මහින්ද ගේ ඩීලය තුල සිදුවන්නේ කුමක්ද ?

මහින්ද රාජපක්ෂ යනු යලි කිසි දිනක මේ රටේ බලයට නොපැමිණෙන දේශපාලන නායකයෙකි. ඔහුට බලය වෙනුවට රැක ගැනුමට බොහෝ දේ ඉතිරිව ඇත. 2015 ජනවාරි 16 වන දින අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ මේ රටේ ඉහල පෙලේ හමුදා නිලධාරීන් හා හිටපු අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් සමග එක්ව ක්‍රියාත්මක කල කුමන්ත්‍රණය පරාජයෙන් කෙලවර වීමත් සමගය. ඒ පිළිබඳව මේ රටේ රහස් පොලිසියට පවා පැමිණිලි ගොනු කර තිබුණි. සියල්ල අහිමි වූ කල පිටව යා යුතුය. එවිට තමන්ගේ ආරක්ෂකයා බවට පත් වන්නේ ද රනිල් ගේ විපතේදී පිහිට වූ තම ගජ මිතුරා මය. එතැන් සිට මේ රටේ දියත්වන්නේ අශීලාචාර දේශපාලන දීගයක කතා පෙළකි. ලාංකීය ජනයා සතු ප්‍රකෝටි ගණන මුදල් ගසා කා මේ රටේම ජනතාවගේ ප්‍රීති ගෝෂා මැද යලිත් දේශපාලන කරලියේ ඉස්මතු වීමට අවැසි වපසරිය ගොඩ නගා ගැනීමට රනිල් ගෙන් ලද මෙහෙය රාජපක්ෂ කල්ලිය කිසිදිනක අමතක නොකරනු ඇත. තමාට , තම ඇඹේනියට , දරුවන්ට, සහෝදර සමාගමට එරෙහිව ගොනු වී ඇති කප්පරක් දුෂණ චෝදනා එකක් හෝ නීතිය හමුවේ ඔප්පු කර ගැනීමට නොහැකි වුයේද රනිල් ගේ අතපෙවීම් හා සිරිසේනගේ සහයෙනි. වර්තමාන ආණ්ඩුවට තමන්ට රිසි පරිදි පාලනය ගෙන යාමට සම්පුර්ණ සහය මහින්ද විසින් ලබා දී ඇත. ඒකාබද්ධ විපක්ෂය යනු මහින්ද රාජපක්ෂ සතු කොළ කුට්ටමකි. ඕනෑම අවස්තාවක තමාට අවශ්‍ය පරිදි අනා කුට්ටම කැපිය හැකි පරිදි සකසා ඇත. එයට හේතුව වන්නේ ඔහු වටා සිටින පිරිසෙන් එකෙකු හෝ මේ රටේ ජාතික ධනය සොරකම් කිරීමට හවුල් නොවී ඇති තත්වයයි. සියල්ලන්ම දුෂිතයින් වන අතර , උන්ගේ කපටි ආරක්ෂකයා මහින්ද රාජපක්ෂය. රනිල් ට අවශ්‍ය වූ දේශපාලන පිටිය සකසා දීමට මහින්ද විසින් බලගතු ශ්‍රීලනිපය සුන්නද්ධුලි කර දැමීය. ඉන් රනිල්ට දේශපාලන වාසිය ලැබෙන්නේ ඉදිරි ජාතික මැතිවරණයකදීය. රනිල් ප්‍රමුඛ මේ රජය තවත් වසර 10 ක් හෝ මේ රටේ සිටිනු දකිනු කැමැත්තක් ඇත්තේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ දුෂිත කල්ලියටය. එවිට තමන්ට එරෙහි කිසිදු නීතිමය පියවරක් නොගන්නා අතර , සොරකම් කල මහා පරිමාණ ධනස්කන්ධයට පුර්ණ ආරක්ෂාවක් ලැබේ. අනෙක් අතකින් පවතින ලෝක දේශපාලනය තුල මහින්ද රාජපක්ෂ වන්නෙකුට හිස එසවීමට ඉන්දියාව හෝ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉඩ නොතබන බව ඒකාන්තය. එයට හේතුව වන්නේ ඔහුගේ චීනයට දක්වන ගැති බවය. කොමිස් හා අයතා ගණුදෙනු වලින් ඉපැයූ  මහා ධනස්කන්දය පිටුපස ඇති සෙවනැල්ල වන්නේ චීනයයි. මෙවැනි දේශපාලන තත්වයකදී තමන්ට ප්‍රති උපකාර කල තම කල්‍යාණ මිත්‍රයාට එරෙහිව හෝ ඔහුගේ රජය බිඳ වට්ටන කිසිදු පියවරකට මහින්ද රාජපක්ෂ ඉඩ නොතබනු ඇත. ඔහු පසු පස ඇමති ෂූට් මසාගෙන යන ගෝල බාලයන්ට සිදු වනුයේ බල්ලා මැරුණු කල මැක්කට වුනු අලකලංචියට නුදුරු දිනක මුහුණ දීමට සිදුවීමය.

6,115 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad