සජිත්ට සහයදීමට ජනපති එකපයින් කැමති වෙලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 4, 2018

සජිත්ට සහයදීමට ජනපති එකපයින් කැමති වෙලා !



නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් වසර තුනක කාලයක සිට ආරම්භ කිරීමට පෙරුම්පුරමින් සිටින කර්මාන්ත සංවර්ධන අරමුදල ක්‍රියාත්මක කිරීමට සහයදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී තිබේ.
ජනපතිවරයා හා අමාත්‍යවරයා අතර අදාළ එකඟතාවය ඇතිව ඇත්තේ 2017 ජාතික ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවයේදීය.
බණ්ඩාරනායක සමරු සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා එක්ව ඇති අතර එහි ආරාධිතයන් වෙනුවෙන් සකසා තිබූ වීඩියෝවෙන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් මුහුණදී සිටින බරපතල ගැටලු ගැනද අවධානය යොමුකර තිබී ඇත.
ඒ සම්බන්ධයෙන් සංවේදී වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලුවලට ඉදිරි සති දෙකතුළ විසඳුම් ලබාදෙන බව බය නැතුව අමාත්‍යවරයාගේ කතාවේදී කියන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.
කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පුහුණුව ලබාදීම, මූල්‍ය ප්‍රාග්ධන ලබාදීම, පුහුණුවන ශිල්පීන්ට රක්ෂණආවරණයක් ලබාදීම හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම මූලික අරමුණ බව පැවසේ.
එම ක්ෂේත්‍රයේ ඇති බරපතල ප්‍රශ්න අතර පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය උග්‍රබවද ප්‍රේමදාස මහතා ජනපතිවරයාට පවසා ඇති අතර අදාළ තත්ත්වය හේතුවෙන් කොන්ත්‍රාත්කරුවෝ පුහුණු ශ්‍රමිකයන් පිටරටින් ගෙන්වීමට ඉල්ලීම් කර ඇති බවත් තමා ඊට විරුද්ධ බවත් පවසා තිබේ.
සජිත්ගේ එම තීරණය ජනපතිවරයා එහිදී අගය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad