කොස් මල්ලීගේ කවන්ධය අඟුණුකොළ පැලැස්සෙන් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

කොස් මල්ලීගේ කවන්ධය අඟුණුකොළ පැලැස්සෙන් හමුවේ


කොස් මල්ලීගේ කවන්ධය
අඟුණුකොළ පැලැස්සෙන් හමුවේ

පසුගියදා අබිරහස්‌ අන්දමින් ඝාතනයවී පසුව අලුත්කඩේ ප්‍රදේශයේදී හිස පමණක් හමුවූ පාතාල නායක කොස් මල්ලීගේ හිස නැති මළ කඳ හෙවත් කවන්ධය අද (19)අඟුණුකොලපැල්ලස මුරවැඩිහේන ගෝඨාභයගම
ප්‍රදේශයෙන් ගොඩගන්නා ලදි. සිද්ධිය සම්බන්ධයෙන් මින් පෙර සැකපිට අත්අඩංගුවට පත්වූ අය සැපයූ පාපොච්චාරණය අනුව මෙම සිරුර වළදමා තිබුණ වෙල් යාය පොලිසිය මගින් සොයාගෙන තිබුණ අතර අද මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිටදී එම වළ හාරා
කවන්ධය ගොඩගැනීම සිදුවිය.

 කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ අබ්දුල් හමීඩ් වීදියේ අතුරුමාර්ගයක කසළ ගොඩක තිබියදී පොලිසිය මගින් කොස්මල්ලීගේ හිස  (07 වැනිදා) සොයා ගැනුණි.
ඝාතනයට ලක්‌වූ කොස් මල්ලී කඩුවෙල පාතාලයේ නායකයාව සිටි රණාලේ සමයාගේ

සමීපතම ගෝලයා වූ බවද පැවසීණී.
ඔහුට විරුද්ධව මේ කාලයේ කටයුතු කරන මාකඳුරේ මධුෂ් නමැත්තා මෙහෙයවන පාතාල කල්ලිය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මීට දින කීපයකට පෙර අලුත්කඩේ ප්‍රදේශයේදී වාහන කුලියට දෙන ආයතනයක හිමිකරු වූ මොහොමඩ් රිස්‌කාන් නමැත්තාට වෙඩි තබා ඝාතනය කර තිබුණු අතර එම ඝාතනයට එකට එක කිරීමක්‌ ලෙස කොස්‌මල්ලී නමැති පාතාල සාමාජිකයා ඝාතනය කර ඔහුගේ හිස කොටස රිස්‌කාන් නමැත්තා ඝාතනයට ලක්‌වූ ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කර තිබිණි.
ඝාතනයට ලක්‌වූ කොස්‌මල්ලී  මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් විය.

 අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ සමීපතමයකු වූ රත්තරං නමැත්තා අංගොඩදී වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබුණේ රණාලේ සමයංට සහ කොස්‌මල්ලීටය.
පසුගිය දා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී

වෙඩි තබා ඝාතනය කළ මොහොමඩ් රිස්‌කාන් නමැත්තා දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙක් විය.
රිස්‌කාන් ඝාතනය සඳහා කුලී ඝාතකයන් පැමිණ සිටියේ
කොස්‌ මල්ලීට අයත් යතුරු පැදියෙන් බව පසුව හෙළි වී ඇති අතර එයට පලිගැනීමක් ලෙස කොස්‌ මල්ලී  වෙනත් ස්‌ථානයකදී ඝාතනය කර ඔහුගේ හිස කෙසෙල්වත්ත ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරන ලදි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ තවත් පාතාල සගයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ඝාතනය සිදුකළ අයුරු හා හිස ගෙනවිත් දැමූ අයුරු විස්තර කර තිබුණි. කවන්ධය වළදමන්නට ලැබුණ උපදෙස් මත අඟුණුකොළපැලැස්සේ වෙල්යායක එය වළදමන්නට ක්‍රියාකළ බවද ඔවුන් පවසා ඇත.
එම තොරතුරු අනුව අද ගොඩගන්නට යෙදුනේ එම සිරුරු කොටසයි. ඝාතන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තවම අවසන් නැති නිසා සියලු විස්තර තවම පොලිසිය මාධ්‍ය වෙත ලබාදී නැත.
හිස හමුවූ ස්ථානයේ ඡායාරූප පහතින්



No comments:

Post a Comment

Post Bottom Ad