රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සාගලගේ රෙදි ගලවයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 21, 2018

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සාගලගේ රෙදි ගලවයි.


රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳ කිසිඳු අවබෝධයකින් තොරව සාගල රත්නායක අමාත්‍යවරයා එල්ල කරන චෝදනාව පදනම් විරහිත බව රාජ්‍ය මාධ්‍යයක ඉහල පෙළේ නිලධාරියෙකු අවධාරණය කරයි.
එම නිලධාරියා මේ බව අවධාරණය කර සිටියේ, "රජය විසින් නිසි පරිදි ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු නිවැරදිව ජනතාවට සන්නිවේදනය නොවන බව"ට පසුගියදා සාගල රත්නායක අමාත්‍යවරයා එල්ල කල චෝදනාව සම්බන්ධව SL News Web සිදුකල විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.
සාගල රත්නායක අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කර සිටියේ "ෆියුචර් මයින්ඩ් 2018" ජාතික උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින්ය.
ඇමති සාගලගේ විවේචනය
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබිණ. "බොහෝ අය කියනවා ආණ්ඩුව ප්‍රමාදයි කියලා. නමුත් ඇත්ත ඒක නොවෙයි. අපි ගොඩක් දේවල් කරලා තියනවා. අපි බොහෝ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර තිබෙනවා. නමුත් ගැටළුව වන්නේ එවැනි දේ ජනතාවට නිසි ආකාරයෙන් සන්නිවේදනය කිරීමට අපොහොසත්වීමයි. වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය එය බව මම පිළිගන්නවා."
රාජ්‍ය මාධ්‍ය උත්තරය
අමාත්‍යවරයාගේ මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය මාධ්‍ය නිලධාරියා සඳහන් කර සිටින්නේ, රජයේ සංවර්ධන කටයුතු වාර්තා කිරීම සම්බන්ධව වැඩිම විකාශන කාලසීමාවක් ලබාදී ඇත්තේ රාජ්‍ය මාධ්‍ය විසින් බවය.
දේශපාලන විවේචනවලට මාධ්‍යවේදීන්ද උත්තර දෙන්න ඕන ?
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ නිලධාරියා මෙසේද පැවසීය. "ඇත්තටම කණගාටුයි මේ ප්‍රකාශය. දැන් එතකොට ලොකුම වරද රාජ්‍ය මාධ්‍යද කරලා තියෙන්නේ. මිනිස්සු ආණ්ඩුව විවේචනය කරන්නේ සහ ආණ්ඩුව සම්බන්ධව චෝදනා එල්ලවී තියෙන්නේ සංවර්ධන කටයුතු සම්බන්ධව නොවන බවයි අපේ අවබෝධය. මිනිස්සු අතර විවේචනයක් තියෙන්නේ මුලිකව දේශපාලන කාරනා සම්බන්ධව. මිනිස්සු ආණ්ඩුවේ දේශපාලන කටයුතු ගැන විවේචනය කරනකොට රාජ්‍ය මාධ්‍ය වේවා ඕනෑම මාධ්‍යකට ඊට පිළිතුරු දිය හැකි සීමාවක් තියනවා.
සාගල ඇමති දේශපාලන විවාදයකට පැමිණි දවසක් මතකද ?
මාධ්‍ය ආයතනයකට පුළුවන්ද ආණ්ඩුවේ දේශපාලන කටයුතු ගැන හිතෙන හිතෙන දේ කරන්න. එහෙම බෑ. නමුත් අපිට පුළුවන් විවේචනයන්ට අදාළ පිළිතුරුදීමට ආණ්ඩුවේ පාර්ශවයන්ට ඉඩ හදලා දෙන්න. ඔන්න ඔතනයි ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ. සාගල ඇමතිතුමා කවදද දේශපාලන වැඩසටහනකට එන්නේ. කවදද ඒ ඇවිත් ආණ්ඩුව වෙනුවෙන් විවාද කරලා තියෙන්නේ. ඒ ඇමතිතුමා විතරක් නෙවෙයි, ගොඩක් අය එන්න කිව්වට එන්නෙ නෑ.
පීත්ත පටි කැපිලි : මුල්ගල් තැබිලිවලින් ආණ්ඩුවේ මතය ජනතාවට යනවද?
රාජ්‍ය මාධ්‍ය පසුගිය සමයේ අන්ත මඩ නාලිකා බවට පත්කරලා තිබුණේ. යහපාලනය ආවේ ඒ තත්ත්වය වෙනස් කරන්න. අපි අපේ වගකීම කළා. නමුත් කෝ ආණ්ඩුවේ ප්‍රකාශකයින්, ඔවුන් ඇවිත් ජනතාවට කතා කරන්න ඕන නේද? මුජිබර්, නලින්, කාවින්ද, හර්ෂණ, අජිත් වගේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විතරයි හැම මාධ්‍යයකටම යන්නේ. ජේෂ්ට අමාත්‍යවරයෙක් එන්න කිව්වත් එන්නේ නෑ. හැමෝමවගේ කරන්නේ පීත්ත පටියක් කපන, මුල් ගලක් තියන දර්ශන ටිකක් එවලා විකාශය කරන්න කියන එක විතරයි. පීත්ත පටියක්, මුල් ගලක් තියලා පුළුවන්ද ආණ්ඩුවේ දේශපාලනය මිනිස්සු අතරට ගෙනියන්න.
අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදගෙන තියෙන්නේ - අගමැති මාධ්‍ය අංශය
සාගල රත්නායක අමාත්‍යවරයාගේ මෙම චෝදනාව සම්බන්ධව අප අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ ප්‍රධානියෙකු වෙතින්ද විමසීමක් කල අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යවරයා විසින් සාගල අමාත්‍යවරයාට පවරනු ලැබූ වගකීම් කොටස නිසි ලෙස ඉටුනොකර ඔහු අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බවය.
අගමැති දුන්න වැඩටික හරියට කළාද?
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය. "ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු සංවර්ධන කටයුතු සම්බන්ධව වගකීම තියෙන්නේ අගමැතිතුමාට. දේශපාලන කටයුතු බලන්න පවරලා තියෙන්නේ සාගල ඇමතිතුමාට. දේශපාලන වශයෙන් ආණ්ඩුවට එල්ලවන චෝදනා වලට නිසි පිළිතුරු නොදීම තුළයි ප්‍රශ්නය තියෙන්නේ. වැඩිය මොකුත් ඕන නෑ, අග්‍රාමාත්‍යවරයා උදේට සාගල ඇමතිතුමාට දෙන ෆයිල් වල විස්තර ටික හරියට මාධ්‍ය ආයතන ටිකට යැව්වනම් ප්‍රශ්නය ඉවරයි.
අයියා ලේක්හවුස් ඉඳලත් හරි නිව්ස් එක යවාගන්න බැරිවුණා
අඩුගාණේ සාගල ඇමතිතුමාට ඒටික කරගන්න බෑ. ඕක අගමැති කාර්යාලයේ ඕන කෙනෙක් දන්නා ඇත්තක්. ඇමතිතුමාගේ අයියා ලේක්හවුස් එකේ සභාපති වෙලා ඉන්න කාලේවත් අයියට කියලවත් තමන්ගේ වැඩටික කරගන්න ඇමතිතුමාට බැරිවුණා.
ආණ්ඩුවට එල්ලගෙන ගහනකොට සද්ද නැතුව හිටියේ
නිකමට බලන්න බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ආණ්ඩුවට විවේචන එල්ල වනවිට දේශපාලන ආවරණයක් දෙන්න සැලැස්මක් සාගල ඇමතිතුමාට තිබුණද ? පළවෙනි අවස්ථාවේ ඊට හරියට උත්තර දෙන්න කටයුතු කළා නම් ඒ ප්‍රශ්නයේ චෝදනාව ආණ්ඩුවට එන්නෙ නෑ. 
අඩුගාණේ පහුගිය ආණ්ඩුවේ මුල්‍ය අක්‍රමිකතා ගැන පොලිස් විමර්ශන ගැන හරියට පුවතක් හදලා මාධ්‍යට යවන්න ඇමතිතුමාට පුළුවන් වුණාද? අගමැතිතුමාට එල්ලගෙන ගහන අවස්ථා වලදී විතරක් නෙවෙයි, අඩුම ගානේ පොලිසිය, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වගේ ආයතන විපක්ෂය විවේචනය කරනකොට තමන්ගේ විෂය කියලවත් ඒවාට උත්තර දෙන්න සාගල ඇමතිතුමාට පුළුවන් වුනාද? ඒ වෙනුවෙන් එක දේශපාලන විවාදයකට ගියාද? නෑ. මොකුත් නොකර ෆයිල් මේසේ උඩ තියාගෙන ඉඳලා දැන් එනවා මෙතන නැති ප්‍රශ්න හදන්න.
රාජ්‍ය මාධ්‍ය වැඩකරණ හැටි අපි දන්නවා
ඇත්තටම නිකරුණේ රාජ්‍ය මාධ්‍යවලට දොස් කියලා වැඩකරන මිනිස්සු ටිකත් නැතිකරන්න හදන්නෙ. ඔය කතා මං හිතන්නේ නෑ අගමැතිතුමාවත් බරපතලව ගණන් ගන්නවා කියලා. මොකද අගමැතිතුමා සද්ද නොකර හිටියට එතුමා දන්නවා ඇත්තට බැහැලා වැඩක් කරන්නෙ කවුද, නොකරන්නේ කවුද කියලා. සමහර රාජ්‍ය මාධ්‍ය අපිට කතාකරලා කියනවා, අගමැතිතුමාගේ නිව්ස් මොකුත් නැද්ද, පොඩ්ඩක් බලලා එවන්න, කියලා. ඒ මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ. අපිත් මේ ආණ්ඩුවේ තමයි, නමුත් ඇත්ත කියන්න වෙනවා. සාගල ඇමතිතුමා නින්දෙන් නැගිටලා වගේ කරන කතා නිසා ආණ්ඩුවටයි, අගමැතිතුමාටයි තමයි බරපතලම හානිය.
තිරයෙන් පිටුපස කතාව 
සාගල අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය පසු එතන සිටි පිරිස මෙසේ අදහස් දක්වා ඇත. අද සාගල රෙවෙන්න අහ ගත්තා. අනික මිනිහා අගමැතිතුමාට හයිය දෙන්නේ නෑ තවත් වලට යවනවා. අනික එයා මොනවද රටට පක්ෂයට කරලා තියෙන්නේ නැති කළා මිසක්. ඩිල් දදා රටයි පක්ෂයයි නැති කලා විතරයි. ඕක අගමැතිතුමාට තේරෙන්නේ නෑනේ. එයාට අදාළ ඇදේ ප්‍රශ්නේ විතරයි.
13,554 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad