එක හත කල සිරිසේන ඉතිහාස ගත වෙයිද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 31, 2018

එක හත කල සිරිසේන ඉතිහාස ගත වෙයිද ?


කම්කරු දින නිවාඩුව මැයි මස 07 වැනිදාට ලබාදීම කම්කරු ජනතාවගේ වරප්‍රසාද අහිමි කිරීමක් බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ ලෝකයේ කිසිදු බෞද්ධ රටක් මැයි දිනය අවලංගු කිරීමට මේ වන තෙක් කටයුතු කර නොමැති බවයි.

මැයි මස 01 වැනිදාට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මැයි මස 07 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව ඉකුත් 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය මෙවර අප්‍රේල් මස 29 වැනිදාට යෙදී ඇති නිසා සහ වෙසක් සතිය තුළ කම්කරු රැළි පැවැත්වීම නුසුදුසු යැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මේ තීරණය ගෙන තිබේ.

මේ අතර ජනපති නියමයෙන් මැයි 07 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශට පත් කිරීමට ද කටයුතු කර ඇත.

කම්කරු දිනේ නිවාඩු කළේ ශ්‍රීලනිප ආණ්ඩුවයි !

ලොව වැඩකරන ජනතාව අද සමරන මැයි දිනය 1886 වර්ෂයේ මැයි 01 වැනිදා පැය අටක වැඩ දිනයක් ඉල්ලා චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේ දී ජීවිත පූජාවෙන් කම්කරුවන් විසින් දියත් කරන ලද අමිහිරි සටනක ප්‍රතිඵලයකි.

ඉන් අනතුරුව එළඹුණු වසරේ මැයි 01 වැනිදා සිට ලෝක කම්කරුවන් ජාත්‍යන්තර වශයෙන් මැයි දිනය සැමරුව ද, ලංකාවේ එය නිවාඩු දිනයක් බවට පත්කරන ලද්දේ අදින් වසර හැට දෙකකට පෙර එනම්, 1956 වසරේ මැයි 01 වැනි දින සිට ය.

1956 අප්‍රේල් මස බලයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව ගෙන ආ මුල්ම පනතක් මගින් මැයි දිනය ප්‍රථම වතාවට රජයේ, බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.

ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලද්දේ එවකට එම ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටී.බී. ඉලංගරත්න මහතා විසිනි.

කම්කරු දිනේ හරියට සමරන්න යන අය !

මේ අතර ලබන 01 වැනිදා ලංකා ගුරු සංගමය, ලංකා වතුසේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, නව සම සමාජ පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සුපුරුදු ලෙස පවත්වන බවද වාර්තා වේ. 

12,004 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad