ප්ලාස්ටික් සැත්කම් අවශ්‍ය නෑ අවශ්‍ය ජාන සැත්කමක් - පාඨලී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 3, 2018

ප්ලාස්ටික් සැත්කම් අවශ්‍ය නෑ අවශ්‍ය ජාන සැත්කමක් - පාඨලී



ආණ්ඩුවේ වෙනස්කිරීම් කරනවා කියා කොණ්ඩා මෝස්තරය වෙනස් කර, මේක්අප් දමා හෝ ප්ලාස්ටික් සැත්කමක් කර පළක් නැති බවත්, දැන්ම ජාන සැත්කමක් කළ යුතු බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
         
ජාන සැත්කමකින් තොරව එක්සත් ජාතික පක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සන්ධානයට ඉදිරියට යා නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
         
ආණ්ඩුවේ සැබෑ වෙනසක් සිදුවිය යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මාස 18ක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙන බව ද කියා සිටියේය.
         
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ නිදහස් චතුරස‍්‍ර ආකේඞ් පරිශ‍්‍රයේදී පැවති චීන සම්ප‍්‍රදායික අලූත් අවුරුදු සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
         
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
         
‘‘අද රටට වැදගත් දේශපාලන න්‍යාය පත‍්‍රයක් අත්‍යාවශ්‍ය වී තිබෙනවා. අපි වෙනස් කිරීම් කරනවා කියා කොණ්ඩ මෝස්තරය මාරු කර හෝ පවුඩර් දමා හරියන්නේ නැහැ. මේකප්, ප්ලාස්ටික් සර්ජරි කර හරියන්නේත් නැහැ. දැන්  ඕනෑ ජාන සැත්කමක්. ජාන සැත්කමකින් තොරව මේ ජාතික සන්ධානයට ඉදිරියට යන්න බැහැ. අපි ඒ දේ කරනවා.
          
රජයේ වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මාස 18ක ජාතික වැඩපිළිවෙලක් එජාප හා ශ්‍රීලනිප ප‍්‍රගතිශීලී ඉදිරි ගමන දකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් සමඟ එක්වී අපි ඉදිරියේදී ගෙන එනවා. අපි ඉදිරි ජනාධිපතිවරණයත් විජයග‍්‍රහණය කර රට ඉදිරියට ගෙනියන්න වැඩකටයුතු කරනවා. පවුල්වාදී, බලකාමී, නූගත් බලවේගවලට නැවත මේ රටේ බලය ලබාගන්න අපි ඉඩදෙන්නේ නැහැ.’’
 යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad