නවක දේශපාලනඥයින් බැදුම්කරයෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි - කීර්ති තෙන්නකෝන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 4, 2018

නවක දේශපාලනඥයින් බැදුම්කරයෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි - කීර්ති තෙන්නකෝන්


නවක පළාත් පාලන සභිකයින් ලෙස මේ ඡන්ද විමසීමෙන් ඉගෙන ගත හැකි පාඩමක් තිබෙනවා.  ඒ තමයි, මේ ආණ්ඩුව ජනවාරි 8 බලයට පත් වෙලා දින 50 කින් සිදු කළ බැදුම්කර වංචාව වැනි දුෂණයක්, වංචාවක් හොරකමක් තමන්ගේ ධූර කාලය තුල නොකිරීමට අදිටන් කර ගැනීම.  බැදුම්කරය මේ රටේ නවක දේශපාලනඥයින්ට උගන්වපු පාඩම ආචාර්ය උපාධි 25 කින් ඉගෙන ගන්න බෑ. යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති රැස්වීමකදී පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් අමතමින් තෙන්නකෝන් මහතා තවදුරටත් පැවසුවේ ‘‘අද ඡන්ද විමසීමෙන් දවස් 21 කට පස්සේ ආණ්ඩුවක් නැති තැනකට රට පත්වෙලා තියෙනවා. අගමැතිතුමා, කැබිනට් ඇමතිවරු, ජනාධිපතිතුමා පත්ව ඇති තත්වය බලන්න. අගමැතිතුමා, ජනාධිපතිතුමා ඇඹරෙන ඇඹරිල්ල බලන්න.‘‘ යාලුවෝ හොරකම් කළා.  රට අරාජික වුණා.  මොන තරම් යහපත්ව යා හැකි රටක්, මොන තරම් එලදායි විය හැකි රටක්, ගෞරවනීය විය හැකිව තිබු රටක්, ආර්ථික සමෘද්ධිය ලැබිය හැකි රටක්,

සහජීවනයක් එක්ක ගත කළ හැකි රටක්, ජාත්‍යන්තරය දිනාගත හැකි අවස්ථාවක් මේ වගේ ඛෙදවාචකයට පත් වී ඇත්තේ, රට අරාජික වී ඇත්තේ බැදුම්කරය නිසයි. එවැනි අකරතැබ්බයකට පළාත් පාලනයේ නවක සභිකයින් වන ඔබගේ දේශපාලන ජීවිතය පත් කර ගන්න එපා.

පළාත් පාලන ආයතනක දේශපාලන තීන්දු, ප්‍ර‍තිපත්ති තීරණ ගැනීම සභික ඔබගේ වගකීමක්.  ඒ වගකීම ඔබ ආයතන නිලධාරීන්ට, සේවකයින්ට දෙන්න  එපා.  ඒ වගේම ඔබ කොමසාරිස්වරුන්ගේ පරිපාලන වැඩට අත දාන්න යන්න එපා.  ඔවුන් ආයතන රෙගුලාසි අනුව, නීතිය අනුව ලිපිගෙනු සකස් කරලා ඔබ යෝජනා කරන වැඩේ කරලා දෙයි.  තොරතුරු දැන ගැනීමේ පනත මගින් මේ ටෙන්ඩර්, ගනුදෙනු, ඉදිකිරීම් පිළිබද තොරතුරු ලබාගන්න පුළුවන් බව අමතක කරන්න එපා.  අවුරුදු 3 කට ඉස්සර තිබුණ රට නොවෙයි අද තියෙන්නේ.  වංචා දුෂණ හෙළිදරව්වීම වලක්වන්නට බෑ. ඔබ නිලධාරි එක්ක එකතුවෙලා, දුෂණ අක්‍ර‍මිකතාවල නිතර වුනොත් ඔබටත් අද රජය පත්වී තිබෙන තත්වයට පත්වෙන්නට සිදුවේවි.  ඔබගේ දේශපාලන අනාගතය විනාශ වී යාවි.  අවුරුදු 5 කට පත් වූ යහපාලන රජය අද අවුරුදු 3 කින් දැවැන්ත මැතිවරණ පරාජයක් ලබා තියෙනවා. එයට මුලිකම හේතුව ‘බැදුම්කරය ඔබ ඔබ දන්නවා.  නිලධාරීන් සමග එකතුවෙලා ගලි බවුසරයේ ඉදන්, කුණු ටිකෙන්, ටෙන්ඩරයෙන් වංචා කිරීම ගැන සැලසුම් හදන්න එපා.  යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad