අත් බොම්බයක් පිපිරීමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්න පුලුවන්ද? - සැකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 1, 2018

අත් බොම්බයක් පිපිරීමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්න පුලුවන්ද? - සැකයක්


ජීව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් දියතලාව - කහගොල්ලේදී බස් රථය ගිනිගෙන ඇතැයි බලධාරීන් ප්‍රකාශ කළද ඩීසල් බස් රථයක් තුළ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් එවැනි ගින්නක් හට ගැනීමට අවස්ථාවක් තිබේද කියා සැකයක් ඇති වන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න පැවසයි.
යුද භූමියේ සිටි හමුදා නායකයෙකු වශයෙන් ලත් අත්දැකීම් අනුව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්නවා යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි සිද්ධියක් බව ද මේජර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
අත්බෝම්බ ගැන තමාට ද අත්දැකීම් තිබෙන බවත්, ක්‍රියත්මක කළහොත් මිසක අත්බෝම්බ පුපුරා නොයන බවත් පැවසූ මේජර් ජනරාල්වරයා අවධාරණය කරන්නේ අත්බෝම්බයකට ඩීසල් බස්රථයක් තුළ කහගොල්ලේ ඇති වූ ආකාරයේ ගින්නක් ඇති කිරීමට හැකියාව තිබේද යන්න සම්බන්ධයෙන් විශේෂඥයින් ගෙන්වා විමසිය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad