ගුරුවරුන් 5500කට ස්ථාන මාරුවීම්... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 3, 2018

ගුරුවරුන් 5500කට ස්ථාන මාරුවීම්...


ජාතික පාසල්වල ගුරුවරුන් 5500කට ආසන්න පිරිසකට මෙම මස තුළ ස්ථාන මාරුවීම් ලබා දීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම මාරුවීමේ ක්‍රියා පටිපාටිය වලංගු වන්නේ වසර 10කට වඩා වැඩි කාලයක් එකම පාසල තුළ සේවය කළ ගුරුවරුන් සඳහායි.
පසුගිය සමයේ ජාතික පාසල්වල සේවයේ නිරත සමස්ත ගුරුවරුන් 37,000ක් අතුරින් 12,000ක්ම එකම පාසලක අවුරුදු 10කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ පිරිසක් බවයි වාර්තා වුණේ.
පසුව එම ගැටලුවට විසදුම් ලෙස පළමුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දුන්නා.
දෙවන අදියර යටතේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් 760 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමටයි කටයුතු කෙරුණේ.
එහි 3වන අදියර යටතේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා උගන්වන ගුරුවරුන් 5470 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad