මාළු අල්ලන්න දිය වළට ගිය 12 හැවිරිදි සිසුවා මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 21, 2018

මාළු අල්ලන්න දිය වළට ගිය 12 හැවිරිදි සිසුවා මරුට

කැනියෝන් ජලවිදුලිබලාගාරයට පහළින් පිහිටි ගැඹුරු දිය වලක මාළු ඇල්ලීමට ගොස් ඊයේ (20) පස්වරුවේ
අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (21) පෙ.ව. 11.00 ට පමණ නාවික හමුදා කිමිඳුම් අංශය මගින් ගොඩ ගන්නා ලදී.
මෙසේ ගොඩ ගනු ලැබුවේ මස්කෙළිය, හපුගස්තැන්න

තේ වතුයායේ, පහළ කොටසේ පදිංචිව සිටි දොළොස් හැවිරිදි පාසල් සිසුවකු වන විජයකුමාර් කලෛයිරාම් නැමති අයෙකි. මෙම සිසුවා සීටින් දෙමළ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි අයෙකි.
තම පියා සමග ඊයේ පස්වරුවේ අධි ආරක්ෂක කළාපයක් වන කැනියොන් ජල විදුලිබලාගාරය ආසන්නයේ පිහිටි ගැඹුරු දිය වළක  (නුගේ වලේ) මාළු ඇල්ලීමට ගොස් සිටියදී එම වළට ඇද වැටීමෙන් මෙම පාසල් සිසුවා අතුරුදන්ව සිටි බව මස්කෙළිය පොලීසිය පවසයි.
මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) දහවල් සිද්ධිය වූ ස්ථානයේදී හැටන් මහේස්ත්‍රාත් වරයා විසින් පවත්වන්නට නියමිතව තිබුණි.
මෙ සම්බන්ධව මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය  ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)



No comments:

Post a Comment

Post Bottom Ad