SAITM බාගෙට කරපු අය කොතලාවලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 22, 2018

SAITM බාගෙට කරපු අය කොතලාවලට

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අර්ධ වශයෙන් පාඨමාලාව නිමකළ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කරගැනීමට තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

ඒ අනුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමට නියමිතයි.

අදාළ සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා මෙම ඇතුළත් කරගැනීම සිදු කරගැනීමට ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබෙයි.
සයිටම් සඳහා මේ වනවිට නව සිසුන් ලියාපදිංචි නොකරන අතර පාඨමාලාව අර්ධ වශයෙන් සිදු කළ අය ඉතිිරි කොටස නිමකිරීමට නොහැකිව අර්බුදයට පත්ව තිබිණි. මෙම විසඳුම ලබාදුන්නේ ඔවුන්ටය.

No comments:

Post a Comment

Post Bottom Ad