ශ්‍රීලනිප ගැටුම දුරදිග යන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 28, 2018

ශ්‍රීලනිප ගැටුම දුරදිග යන ලකුණු


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට නායකයින් අතර මතුව ඇති මත ගැටුම මේ වන විට උග්‍ර අතට හැරී තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට එම නායකයින් එකිනෙකාගේ මුහුණ නොබලන සහ එකිනෙකා කතා නොකරන තත්ත්වයක් මතුව ඇති අතර ඒ හේතුවෙන් පක්ෂයේ දේශපාලන කටයුතු සියල්ල පාහේ ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුකරන තත්ත්වයක් මතුව ඇත.

දුමින්ද සුසිල් යළිත් ගැටෙයි

දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට අමාත්‍ය දුමින්ද දිසානායක විසින් පසුගියදා පක්ෂයේ ජේෂ්ට නායකයින් කිහිපදෙනෙකුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පිළිතුරු දීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත්ව ඇත්තේද මෙම මත ගැටුම දුරදිග යාම නිසාය.

පසුගියදා දුමින්ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය ලද පරාජයේ වගකීම මහ ලේකම්වරයා ලෙස තමන් භාරගන්නට සුදානම් නමුත් මැතිවරණයේ මෙහෙයුම් කමිටු වලට නායකත්වය දෙනු ලැබූ පාර්ශවද පරාජයේ වගකීම ගතයුතු බවය.

කෙසේ වුවත් ඒ සම්බන්ධව 27 වනදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රසිද්ධ මාධ්‍ය හරහා පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා තමන්ට නාමිකව පමණක් වගකීම ලැබුණු බවය.

පසුගිය වසර දෙකේ නායකයින් පරාජයේ වගකීම ගන්න - සුසිල්

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මැතිවරණයේ නාම යෝජනා දීලා ඉවර වෙලා කමිටු කිහිපයක් සකස් කරලා ඒ ඒ අයට වගකීම් පැවරුවා. හැබැයි මම මේ ජාතික සංවිධායක හැටියට හිටියට මම නාමිකව තමයි හිටියේ. මැතිවරණ කාලයේදී කිව්වා කොළඹ ඉන්න නිසා මැතිවරණ අටයුතු වලට උදව් වෙන්න කියලා. මම එතැනදී යම් සම්බන්ධීකරණ වැඩ කොටසක් කණ්ඩායමක් විදිහට කළා. හැබැයි මැතිවරණයක් දිනන්න බෑ මැතිවරණයට නාමයෝජනා දීලා එතන ඒ ටික පටන් අරගෙන"

"මම සන්ධනයේ ලේකම් හැටියට මැතිවරණ 12 කට වඩා මෙහෙයවීම් කමිටු වල හිටියා. ඒ 12න් පැරදුණේ පසුගිය ජනාධිපතිවරණය විතරයි. දේශපාලන පරිණතභාවයෙන් තොරව විවිධ ප්‍රකාශ කරලා පසුගිය අවුරුදු දෙක හමාර තුළ මේ වයේ වගකීම් දරපු අය තමයි අවසාන ප්‍රතිඵලයට වගකියන්න ඕන. ඊට වඩා මේ ප්‍රතිඵලය විග්‍රග කරගෙන කතා කරන එක වඩා හොඳයි. මම මීට වඩා කියන්න යන්නේ නෑ. මොකද කිව්වට මේ අයට තේරෙන්නේ නෑ"


ජනාධිපති වගකියන්න ඕන

මේ අතර පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධව සඳහන් කරන ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම අර්බුදයට ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවය.

ඊට හේතු ලෙස ඔවුන් දක්වා සිටින්නේ ජනාධිපතිවරයා පක්ෂ සමගිය සම්බන්ධව සහ තීන්දු තීරණ අභියෝගයට ලක්වන්නට ගත අවස්ථා වලදී ඊට නිසි මැදිහත්වීමක් සිදු නොකළ බවය.

No comments:

Post a Comment

Post Bottom Ad