ඔලිම්පික් තරඟයක් අතරතුර කොරියානු ක්‍රීඩිකාවකගේ උඩුකය ඇඳුම ගැලවී ජංජාලයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 13, 2018

ඔලිම්පික් තරඟයක් අතරතුර කොරියානු ක්‍රීඩිකාවකගේ උඩුකය ඇඳුම ගැලවී ජංජාලයයි

මේ දිනවල පැවැත්වෙන 2018 සිසිර ඔලිම්පික් උළෙලේදී දකුණු කොරියානු ක්‍රීඩිකාවකට විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා.
හිම සරන ක්‍රීඩාවේ (figure skating) කණ්ඩායම් ඉසව්වකට සහභාගී වූ 22 හැවිරිදි යූරා මින් එම ක්‍රීඩිකාවයි.

ඇයගේ උඩුකය ඇඳුමෙහි පිටිපස කොක්කක් ගැලවීම හේතුවෙන් ඇගේ ඇඳුම කඩා හැලීමේ අවදානමට ඇය මුහුණ දුන්නා.

ඒ තම ක්‍රීඩා සගයා වූ ඇලෙක්සැන්ඩර් ගැමෙලින් සමඟ සිය ඉසව්වට සහභාගී වන අතරතුරයි.
කෙසේ නමුත් යූරා මින් සිය ඇඳුම ද නොවැටී ආරක්ෂා කරගනිමින් සිය ඉසව්ව සම්පූර්ණ කරන්නට සමත් වුණා. පසුව ඇයම ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටියා.
ගැමෙලින් සහ යූරා මින් එම ඉසව්වේ කණ්ඩායම් දහයකින් නව වැනි ස්ථානයට පැමිණෙමින් එම ඉසව්ව අවසන් කිරීමට සමත් වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad