අගමැති පුටුවට නම් හතරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 15, 2018

අගමැති පුටුවට නම් හතරක්


අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අද (15) පැවති දේශපාලන සාකච්ඡා කිහිපයකදීම අවධානය යොමුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් අග‍්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය යුතු බවයි. ඊට සහභාගී වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුව තවදුරටත් පැවතිය යුතු බවත් අග‍්‍රාමාත්‍ය ධුරයේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ තවත් අමාත්‍යවරුන් කණ්ඩායමක් අද දිනයේ රහස් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කථානායක කරූ ජයසූරිය මහතා හෝ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කළ හැකිද යන්න පිළිබඳවයි. 

එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ කැමැත්ත වී ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමටයි. 

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍ය ධුරය සහ වත්මත් ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ අවසන් තීන්දුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (16) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවැත්වෙන හමුවේ දී ප‍්‍රකාශ කරනු ඇති බවයි වාර්තා වන්නේ.  
 

No comments:

Post a Comment

Post Bottom Ad