පාදුක්කේ තරුණ මුදලාලි පිටතදී මරා කඩේට ගෙනත් දාලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 28, 2018

පාදුක්කේ තරුණ මුදලාලි පිටතදී මරා කඩේට ගෙනත් දාලා



පාදුක්ක අරුක්වන්ත ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර ව්‍යාපාරික
ස්ථානය අසලම දමා ගොස් තිබියදී ඊයේ (27) උදැසන හමු වු බව පාදුක්ක පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා පෙරේදා (26) දින රාත්‍රී දා නිවසට නොපැමිණි බැවින් ඔහුගේ බිරිඳ විසින් දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති මුත් එයට පිළිතුරු
ලබා නොදුන්

නිසා නැවතත් ඊයේ (27) අලුයම ද දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති අතර එයට ද පිළිතුරු ලබා නොදුන් නිසාවෙන් උදෑසනම පැමිණ ව්‍යාපාරික ස්ථානයේ සොයා බැලීමේදී ඒ අසල කැපුම් තුවාල රාශියක් සහිතව වැටී සිටි ව්‍යාපාරිකයා දැක පාදුක්ක පොලිසියට දැනුම් දී ඇති බවද පොලිසිය පවසයි.

මෙම ඝාතනය වෙනත් තැනක සිදු කර ව්‍යාපාරික ස්ථානය අසලට ගෙනවිත් දමන්නට  ඇති බවට පොලිසිය සැක කරන අතර මරණකරුගේ ශරීරයේ බොහෝ ස්ථානවල කැපුම් තුවාල දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක
අරුක්වත්ත අමරසිංහ මාවතේ පදිංචිව සිටි කඹුරු ගොඩගේ ඩෙන්සිල් නමැති 36 හැවිරිදි තිදරු පියෙකු වන අතර රථ වාහන අලුත්වැඩියාව සහ ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ විකිණීමේ නිරතව සිටි වපාරිකයෙකි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්  සහ මිරිහාන
පොලිස් කොට්ඨාසයේ පොලිස් නිල සුනඛ "සාරා” ද කැදවා පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී
මළසිරුර තිබූ ස්ථානයට පැමිණි අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්‍රාත් පී.එස්. රත්නායක මහතා මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කළ අතර අවිස්සාවේල්ල අධිකරණ ‍වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රවීන් ඩයස් මහතා මුලික වෛද්‍ය පරීක්ෂණ කටයුතු පැවැත්විය.

No comments:

Post a Comment

Post Bottom Ad