මහනුවර විදුහල්පතිනියක් සිසුන්ගෙන් මුදල් එකතුකර රන් මාලයක් සාදවා පූජා කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 18, 2018

මහනුවර විදුහල්පතිනියක් සිසුන්ගෙන් මුදල් එකතුකර රන් මාලයක් සාදවා පූජා කරලා


මහනුවර නගරයේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන්ගෙන් රුපියල් හයලක්‍ෂ පනස් දහසක මුදලක් එකතු කර රන්මාලයක් සාදවා ආගමික
සිද්ධස්ථානයකට පූජා කිරීමේ

සිද්ධියක් ගැන වාර් වෙයි.
මේ සමිබන්ධව විශේෂ පරීක්‍ෂණයක් පැවැත් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අදාළ සිද්ධියට සමිබන්ධ විදුහල්පතිනියට තරයේ අවවාද කරමින් මින් පසු මෙවැනි සිද්ධින් වලට මැදිහත් වුවහොත් දැඩි විනය පියවර ගන්නා බව පැවසුවාය.
මධ්‍යම පළාත් අධ්‍යාපන බිලධාරින්ගෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට ද පටහැනි ලෙස මෙම විදුහල්පතිනිය සිදු කර ඇත්තේ ඉතා බරපතළ විනය විරෝධි ක්‍රියාවක් බව පැවසු නිලුකා ඒකනායක මහත්මිය විදුහල්පතිනිය සිද්ධිය සම්බන්ධියන් වරද පිළිගෙන සමාව ඉල්ලා සිටීම නිසා ඇයට 'විනයානුකූලවදඩුවම් පතාකරන බවද පැවසුවාය.
සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනිය ලක්ෂ හයහමාරක් (6 1/2) වටිනා රන්මාලය සාදවා ඇත්තේ මහනුවර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාහරණ නිෂ්පාදන ආයතනයකිනි.
මධ්‍යම පළාත් පාසල්වල දරුවන්ගගන් මුදල් එකතු කිරිමක් සිදු කිරීමට කිසිදු විදුහල්පතිවරයකුට නොහැකි බවත් එවැන්නක් සිදු කරන බවට පැමිණිලි ලද හොත් ඒ පිළිබඳව තමන් විශේෂ පරික්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මේ සම්බන්ධව, කරන ලද වැඩිදුර විමසීමකදී ප්‍රකාශ කළාය.(ජේ.ඒ.එල්. ජයසිංහ)

No comments:

Post a Comment

Post Bottom Ad