වැඩ බැරි ටාසන්ලා එක්ක බෑ කියා නැ. කොළඹ ශ්‍රිලනිප සංවිධායක ආණ්ඩුවේ සභාපතිකමෙනුත් ඉල්ලා අස්වේ.. ‘පොහොට්ටුවට ජයවේවා’ සමුගැනීමේ සාදයේදී ඇසේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

වැඩ බැරි ටාසන්ලා එක්ක බෑ කියා නැ. කොළඹ ශ්‍රිලනිප සංවිධායක ආණ්ඩුවේ සභාපතිකමෙනුත් ඉල්ලා අස්වේ.. ‘පොහොට්ටුවට ජයවේවා’ සමුගැනීමේ සාදයේදී ඇසේ..

සුසිල් ප්‍රේම් ජයන්ත අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රි ලංකා ප්‍රමිති ආයතයේ සභාපති ලෙස යහපාලන ආණ්ඩුවේ සිටි ශ්‍රිලනිප බටහිර කොළඹ හිටපු සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා ඔහු දැරු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වි ඇත.

මෙහිදී ශ්‍රි ලංකා ප්‍රමිති ආයතයේ කාර්යය මණ්ඩලය ඇතුළු සේවකයන්ගෙන් සමුගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබු අතර හෙතෙම පවසා ඇත්තේ රාජපක්ෂ යුගයේ තමන්ට එවකට වැටී තිබු රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව ගොඩ ගැනීමට හැකි වූයේ එම රජයේ තිබු රාජ්‍ය ආයතනයකන් රැක ගැනීමේ වැඩපිළිවෙළ අනුව බවත් ඒත් මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ව්‍යයාපාර දිනෙන් දිනම කඩා දමා පුද්ගලික අංශයට විකිණීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කරගෙන ඇති බවයි.

රැස්ව සිටි පිරිස සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාට සුභ පතමින් “පොහොට්ටුවට ජයවේවා” යයි කියා ඇති බැව් ශ්‍රීලංකා ප්‍රමිති ආයතයේ (SLS) අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. රාජපක්ෂ යුගය ආරම්භ වනවිට බංකොලොත් තත්ත්වයට පත්කොට තිබු රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව (STC) එම යුගයේ දි සාර්ථක වානිජ ආයතනයක් බවට පත්කලේ ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වය යටතේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad