බිරිදගෙන් සුදු කොහොමද ඇහුව යාළුවට සැමියා පිහියෙන් ඇනලා.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

බිරිදගෙන් සුදු කොහොමද ඇහුව යාළුවට සැමියා පිහියෙන් ඇනලා....


තම බිරියට අනවශ්‍ය විහිළුවක් කිරීම නිසා උරණ වී මිතුරකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ බව කියන 24 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (18) සැකපිට අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව පදිංචි  24 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු  තුවාලකරුගේ නිවසට ගොස් තමන් නැති විටෙක සුදු කොහොමද කියා ඇසුවේ ඇයිද යන්න විමසමින්  පිහියකින් ඇන ඇති බවත් පෙරේදා (18) මිතුරෙකුගේ නිවසේ සිටියදි සැකකරම අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා සිටි 31 හිවිරිදි පුද්ගලයා රෝහලට ඇතුළු කර ඇතළු කර ඇති බව පොලීසිය කීය.
දංකොටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad