මැකෝ කථානායක හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 16, 2018

මැකෝ කථානායක හමුවෙයි


මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (2018.02.16) පෙරවරුවේ  පාර්ලිමේන්තුවේ දී කථානායක කරු ජයසුරිය මහතා වේ  

ගරු කථානායකතුමන් විසින් සභාපතිවරයා සුහඳව පිළිගැනුනු අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන් කැපවී කටයුතු කල මැතිවරණ කොමිසන්  සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒ සමඟ ඒකාබද්ධව කටයුතු කල සියළු රාජ්‍ය නිළධාරීන්ටද ස්තූතිය පිරිනමන ලදී.



තම කාර්ය භාරය කුමක්ද යන්න  අවබෝධයෙන් යුතුව සෑම විටම ශක්තිය ලබාදීම පිළිබඳව ස්තූතිය පලකල මහින්ද දේශප්‍රිය මහතා පැවසූවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ  ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය වශයෙන් මැතිවරණ ප්‍රතිඵල අදාල  ප්‍රදේශවලට නිකුත් කල නමුත්, මාධ්‍ය මඟින්  නිල ප්‍රතිඵල නිකුත්  කිරිමේ දී පරිඝණක පද්ධතියේ දෝශ නිසා ඇති වූ  ප්‍රමාදයන් පිළිබඳව කණගාටු වන බවයි.

ගරු කථානායකතුමා මෙහිදී  සඳහන් කලේ  නව මැතිවරණ ක්‍රමයේ පලමු අත්හදා බැලීම මෙය වන  බැවින්, සුළු සුළු ප්‍රමාදයන් සිදු වුවත්, සමස්ථ ක්‍රියාවලියට හෝ නිදහස් හා සාධාරණ මැතිවරණයකට එය බාදාවක් නොවූ බවයි.

මෙහිදී විශේෂයෙන්ම 25% කාන්තා නියෝජනය තහවුරු කිරිමේදී මතුව  ඇති ප්‍රයෝගික ගැටළු කිහිපයක් පෙන්වා දුන් අතර, අවශ්‍යතාවයක් ඇති වුවහොත්, ඇතැම් සභාවන් වල කාන්තා නියෝජනය  25 %  සීමාව පිළිබඳව යම් සංශෝධනයක් කිරිමට සිදුවන බවද මහින්ද දේශප්‍රිය මහතා  සඳහන් කලේය.

එලබෙන සතියේ  දී පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම කරුණු වාර්තා කරන ලෙසද, ඒ මෙන්ම, මැතිවරණ ක්‍රියාවලියේ දී ඇතිවන අඩුපාඩු අවම කරගැනීමට අදාල මැතිවරණ කොමිසන් සභාවේ වාර්තාවක්ද  එදින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන ලෙසද, ගරු කථානායකතුමා  දැන්විය.

නව පලාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන දිනය පිළිඳබදව ගරු කථානායකතුමා විමසා සිටි  අතර, මාර්තු මාසය ඇතුලත නව ආයතන ස්ථාපිත වනු ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම මිට අදාලව සිදුවිය යුතුව සංශෝධන පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය. අනාගතයේ මැතිවරණ සඳහා විද්‍යුත්  ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව ක්‍රියාවලිය අධ්‍යයනය කරන ලෙසද  මෙහිදී  ගරු කථානායකතුමා‍ ඉල්ලා සිටියේය.

කථානායක මාධ්‍ය  අංශය

No comments:

Post a Comment

Post Bottom Ad