ඉස්කෝලේ ඉවර වෙලා නෙට්බෝල් ප්‍රැක්ටිස් ඉන්න බෑ කියූ සිසුවියට කුණුහරුපෙන් බැන කණට ගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

ඉස්කෝලේ ඉවර වෙලා නෙට්බෝල් ප්‍රැක්ටිස් ඉන්න බෑ කියූ සිසුවියට කුණුහරුපෙන් බැන කණට ගහලා

අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. 
කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සිදුවීමට මුහුණ දීමට තිබේ. ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්‌ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල ඇරුනු පසු නිවසට ඒමට සූදානම්ව ඇත.
මේ අවස්තාවේදී එම ගුරුවරයා විසින් මේ සිසුවියගේ කනට ගසා අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබෙන බව සදහන්. පහර කෑමෙන් කන තුළ ඇතිවූ අධික වේදනාව නිසා මෙම සිසුවියගේ මව ත්‍රිරෝද රථයකින් ඇය ගම්පොළ රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරු ඇය පරීක්‍ෂා කර බලා රෝහලේ සිට නේවාසිකව ප්‍රතිකාර කිරීම අරඹා තිබේ.
 
සිදුවීම පිළිබදව දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියටද පැමිණිලි කර තිබෙන බව සදහන්.

nethnews

No comments:

Post a Comment

Post Bottom Ad