මහින්දගේ ෆොටෝ එක ගැහුවාට සභාපතිවරයෙකුගේ සේවය අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 19, 2018

මහින්දගේ ෆොටෝ එක ගැහුවාට සභාපතිවරයෙකුගේ සේවය අත්හිටුවයි

පසුගිය පළාත් පාළන මැතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපයක්‌ රජයට අයත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථා මූලස්‌ථානයේ සවි කිරීම සම්බන්ධයෙන් එහි ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ සභාපතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථා මූලස්‌ථානයේ සේවක සේවිකාවන්ගේ ඉල්ලීම මත රක්‍ෂණ සංස්‌ථා ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ සභාපතිවරයා වූ කමල් ගෝමස්‌ විසින් මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය සවි කර ඇති අතර රක්‍ෂණ සංස්‌ථා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසින් එම ඡායාරූපය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව පාලනාධිකාරිය විසින් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති අතර, එය නිම වන තුරු පමණක් මෙලස සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.
Image result for mahinda rajapaksa photo on wall

nethnews

No comments:

Post a Comment

Post Bottom Ad