රාජිත දත් ගලවපු සල්ලි වලින් නැව් 7 ක් අරන්- විමල් ඕලෙවල් ෆේල් වෙලා - පාර්ලිමේන්තුවේ මඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

රාජිත දත් ගලවපු සල්ලි වලින් නැව් 7 ක් අරන්- විමල් ඕලෙවල් ෆේල් වෙලා - පාර්ලිමේන්තුවේ මඩ


රාජිත දත් ගලවපු සල්ලි වලින් නැව් 7 ක් ගත්ත හැටි
විමල් ඕලෙවල් ෆේල් වෙලා -අක්කගෙ දූගෙ වෙඩින් එක ගත්ත හැටි
-ජාතික අර්බුද විවාද මැද  පාර්ලිමේන්තුවේ මඩ (video)

රටේ දේශපාලන අස්ථාවර භාවය පදනම් කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ඉල්ලීමක් මත ඊයේ සවස පාර්ලිමේන්තුවේ පැවති විවාදය ආරම්භයේදී මන්ත්‍රී විමල් හා ඇමති රාජිත ඇති කරගත් සංවාදය එකිනෙකාට මඩගසාගන්නා අවස්ථාවක් විය.
විමල්ගේ කතාවට බාධාවන ලෙස රාජිත වාද කරද්දී මුලින්ම විමල් මෙසේ කීය.
‘ඇයි දත්දොස්තර මහත්තයෝ ඇයි නැවෝ  ඇයි නැවෝ...
නැව් 7 යි මේ කම්බ හොරු

ටිකක් අනුන්ට හොරු හොරු කියල කෑගහනවා. ලැජ්ජ නැද්ද දත් ගලවල නැව් ගත්තු රාජිත..‘
ඉන් පසු රාජිත ඇමතිවරයාගේ වාරයේදී ඔහු ස්මාර්ට් ෆෝන් එකක් මගින් ප්‍රවෘත්තියක් කියවා සභාගත කරන අවස්ථාවේ විමල් නැවත බාධා කළේය. ‘මෙතුමට තාක්ෂණය දන්නෙ නෑ මොකද ඕලෙවල් ෆේල්.. මෙයාට සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න කියන්න. තිස්ස මහ විද්‍යාලයට ගියාට පාස් නෑ.
ඉන් පසු තමා සාමාන්‍ය පෙළ ෆේල් බව ඔප්පු කළොත් හෙ පාර්ලිමේන්තු මන්ත්‍රීකමින් ඉල්ලා අස්වන බව විමල් කිව්වේය.
ඒ අනුව රාජිත පිළිතුරු දෙමින් කියා සිටියේ ‘ඕලෙවල් කරත් ඒ ලෙවල් කරල නෑ ඕලෙවල් ඕනනම්  6ක් පාස් වෙන්න ඇති ඒ ලෙවල් කරන්න බැරිවුනේ ෆේල් නිසා.‘
‘මේ වගේ හිඟන ඇමැතිවරුන් ඉන්නවද ආණ්ඩුවේ සල්ලි වලින් අක්කගෙ දූගෙ මගුල් ගත්ත. ඒක පාර්ලිමේන්තුවේදීත් ඔප්පු වුණා. හැන්සාඩ් එකේ තියනවා.‘
මෙයට පිළිතුරු ලෙස විමල් මෙසේ කීවේය.
‘මේව සම්පූර්ණ බොරු ඕක ඔප්පු කළොත් මං හෙට මන්ත්‍රී කමින් ඉල්ලා අස්වෙනවා.‘

No comments:

Post a Comment

Post Bottom Ad