හලාවත 10 හැවිරිදි දරුවා අපයෝජනය කර මරා දැමීමේ ඛේදවාචකය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 28, 2018

හලාවත 10 හැවිරිදි දරුවා අපයෝජනය කර මරා දැමීමේ ඛේදවාචකය



ගිරව් අල්ලා දීමට යැයි පවසා දස හැවිරිදි පිරිමි දරුවෙකු කැලයට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර, පහරදී ඝාතනය කර පලාගිය පොල් කඩන්නකු සොයා හලාවත මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.

 මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත,
ඉරණවිල, අක්කර 40 ප්‍රදේශයේ පදිංචිව සිටි, ඉරණවිල ශාන්ත පීතර විදුහලේ ඉගෙනුම ලැබු ජුවාන් පේඩිගේ සුසිත් නිර්මාල් නමැති දස හැවිරිදි පිරීමි දරුවෙකි.  මොහු   පස්දෙනකුගෙන් යුත් පවුලක සිවිවන දරුවාය.

ඉකුත් 25 දා සිට අතුරුදන්ව දරුවාගේ, මළ සිරුර හලාවත,ඉරණවිල,සමිඳුගමට ආසන්නයේ ලදු කැලවක තිබී ගම්වාසීන් විසින් ඊයේ (27) පෙරවරුවේදී සොයාගෙන හලාවත පොලීසියට දැනුම්දී ඇත.
ඉරණවීල අක්කර 40 ප්‍රදේශයට සතියකට දෙකකට වරක් පොල් කඩන්නෙකු පැමිණෙන අතර, ඉකුත් 25 වැනිදා පෙරවරු 7 ට පමණද මෙම පුද්ගලයා ගම්මානයේ වෙළෙඳසලක සිට ඇත.
               
දස හැවිරිදි ළමයාද එම අවස්ථාවේ වෙළෙදසළේ සිට ඇති අතර, පොල් කඩන්නා ළමයාට චුයින්ගම් එකක්ද දුන් බව සඳහන් වේ. පසුව මොහු පොල් කැඩීමෙන් අනතුරුව බත් පාර්සල් දෙකක්ද රැගෙන වෙළෙඳසලෙන් පිටවී ගොස් ඇත,  මෙම ළමයා තවත් ළමයකුද සමග එදින පෙරවරු 8.30 ත් 9.00 ත් අතර කාලයේදී ගම්මානයේ ක්‍රීඩා පිටිටනියට වී සිටියදී මෙම පොල් කඩන්නා එම ස්ථානයට පැමිණ "ගිරව් අල්ලලා දෙන්නම්. යමු දෙන්නම කැලයට" යැයි ළමුන් දෙදෙනාට පවසා තිබේ. නමුත්, සුසිත් නිර්මාල් පොල් කඩන්නා සමග ගිරව් ඇල්ලීමට කැලයට ගියද අනෙක් ළමයා ඔවුන් සමග නොගිය බව සඳහන් වේ.


එදින දහවල් 11 ට පමණ මෙම පොල් කඩන්නා ගම්මානයේ නිවසකට පැමිණ බීමට ජලය වීදුරුවක්ද ඉල්ලා ඇත. ඔහු නිවැසියන්ට පවසා ඇත්තේ ලී දඬු කැපීමට කැලයට ගිය නිසා දැඩි පිපාසයක් ඇති බවය. සිය දරුවා යළි නිවසට නොපැමිණීම නිසා දස හැවිරිදි සුසිත් නිර්මාල්ගේ මව හලාවත පොලීසියට පැමිණිලිකර ඇත. අනතුරුව ගමිවාසීන් හා ළමයාගේ පවුලේ ඥාතීන් ගමේ අස්සක් මුල්ලක් නෑරම ළමයා සොයා ඇත.
මෙම අවස්ථාවේදී සුසිත් සමග ක්‍රීඩා පිටියේ සිටි ඔහුගේ මිතුරා පවසා ඇත්තේ පොල් කඩන්නා සමග  සුසිත් හිරව් ඇල්ලීමට ගිය බවත්, පොල් කඩන්නාගේ ඉනේ තිබූ පිහිය දැක බියවී තමා එහි නොගිය බවත්ය. මෙම සිද්ධියන් පසුව හලාවත පොලීසිය පුළුල් පක්ෂයක් ඇරඹීය. පොල් කඩන්නා මෙම ළමයා සමග වෙළෙඳසලේ සිටින අයුරු ඉරණවිල වෙළෙඳසලක ඇති සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබී ඇත.

ගම්වාසීන් ළමයාගේ නිරුවත් මළ සිරුර කැළෑවේ තිබී සොයාගෙන ඇත්තේ සැකකරු ජලය ඉල්ලා  බිව් නිවසේ වැසියන්ගේ තොරතුරු මතය. ළමයාගේ හිසේ පහරදීමේ ලක්ෂන තිඛෙන බව පොලිසිය පවසයි.
සැකකාර හතළිස් වියැති පොල් කඩන්නා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔහු සොයා මෙහෙයුමක් අරඹා ඇති බවත් පොලීසිය පවසයි. සැකකාර පොල් කඩන්නා මීට පෙරද ප්‍රදේශයේ නිවාසවලට එබිකම් කිරීම හේතුවෙන් ගම්වාසීන් අල්ලා ගස් බැඳ ඇතැයිද පැවසේ.

දරුවාගේ මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හලාවත අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා විසින් මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදී. දරුවාගේ මරණය සම්බන්ධයන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස හලාවත පොලිසියට නියෝග කළේය.    හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. වීජේවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මළ සිරුර තිබු ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කළහ. දරුවා ඝාතනය කරන්නට පෙර කිසියම් අපයෝජන සිදු කරන්නට ඇති බවට සාධක ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන පොලීසිය කියයි,
හලාවත පොලීසිය විසින් මේ පිළබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Pix Courtesy by -dailymirror.lk

No comments:

Post a Comment

Post Bottom Ad