විල්පත්තුවේ දළ ඇතාත් ඉවරයි – ඇත් රජු මරා, දළ කැපූ රිෂාඩ්ගේ මුස්ලිම් මවුලවිවරයා කොටු වේ..! (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 1, 2018

විල්පත්තුවේ දළ ඇතාත් ඉවරයි – ඇත් රජු මරා, දළ කැපූ රිෂාඩ්ගේ මුස්ලිම් මවුලවිවරයා කොටු වේ..! (PHOTO)

ගල්ගමුවේ දළ පූට්ටූවා ඇතා ඝාතනය පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වූ කාරණයක් විය. ගල්ගමුව ප්‍රදේශයට පමණක් නොව මුලු රටටම අභිමානයක් වූ දළ පූට්ටුවා හස්ථියා ඝාතනයේ උණුසුම වියැකීමටත් මත්තෙන් තවත් එවැනිම දළ ඇතෙක් අමානුෂිකව ඝාතනය කර දළ කපා ගත් පුවතක් වාර්තා වනවා. ඒ විල්පත්තුව ප්‍රදේශයෙන්.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දැවැන්ත දළ ඇතකු මෙලෙසින් අමානුෂිකව වෙඩි තබා මරා දමා තිබෙනවා. මෙම දළ ඇතා මරා දැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන්නේ මුස්ලිම් මවුලවිවරයෙකු වන අතර එම මවුලවිවරයා අඩි පහකට ආසන්න උසින් යුත් දළ යුගලය කපාගෙන එය රුපියල් ලක්‍ෂ පනහක මුදලකට උත්සාහ කිරීමේදි නිතීයේ රැහැනට කොටුව තිබෙනවා.

අනුරාධපුර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පසුගිය 29 දා මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් තිදෙනා ඇත් දළ යුගලයත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඇත් දළ යුගළයේ බර කිලෝ ග්‍රෑම් පනහකට ආසන්න අතර එහි එක්‌ දළයක්‌ අඩි හතරයි අඟල් දෙකක්‌ උසින් යුතුවේ. අනෙක්‌ දළයේ උස අඩි හතරයි අඟල් හතරකි.
එහි වට ප්‍රමාණය අඟල් 14 ක්‌ වන බවත් සැකකරුවන් මීට මාස තුනකට පමණ ඉහතදී විශාල දළ ඇතා විල්පත්තුව වනෝද්‍යානයේදී වෙඩිතබා මරා අනතුරුව යාන්ත්‍රික කියතකින් දළ දෙක කපා පොළව යට වළලන්නට ඇති බවටත් පොලිසිය සැකකරන බව වාර්තා වේ. අනුරාධපුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව ඔහු යටතේ ක්‍රියාත්මක කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලය සීමාවේ කැලෑවක වළ දමා තිබූ දළ යුගලය මිලදී ගැනීම සඳහා එහි ගොස්‌ තිබෙන අතර සැකකරුවන් සඟවා තිබූ දළ දෙක ඔවුන්ට පෙන්වූ අවස්‌ථාවේ එහි ඡායාරූප ලබාගෙන පොලිස්‌ අධිකාරිවරයාට ලබාදීමට කටයුතු කර තිබේ.

දළ යුගලය බැලීම සඳහා මැණික්‌ ව්‍යාපාරිකයා පැමිණිය යුතු බවත් ඒ අවස්‌ථාවේ දළ යුගලය රැගෙන යැමට නොහැකි බවත් පවසා පොලිස්‌ උපාය දූතයන් නැවත අනුරාධපුරයට පැමිණ තිබේ. පොලිස්‌ අධිකාරිවරයා රත්නපුරය ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයකු බව අඟවමින් 28 දා මධ්‍යම රාත්‍රියේ එහි ගොස්‌ රුපියල් ලක්‍ෂ 50 කට දළ යුගලය මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ. 

පොලිස්‌ නිලධාරීන් සැකකරුවන්ට පෙන්වීම සඳහා රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක්‌ ව්‍යාජ අන්දමින් සකසාගෙන බීෆ් කේසයක දමාගෙන එහි ගිය අවස්‌ථාවේ සැකකරුවන් වළදමා තිබූ ඇත් දළ යුගලය පිටතට ගෙන තිබේ. සැකකරුවන් දළ යුගලය ගැනුම්කරුවන් ලෙස ගිය පොලිසිය අත තබනවාත් සමඟම පොලිස්‌ නිලධාරීන් වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුස්‌ලිම් මවුලවිවරයෙකු ඇතුළු දමිළ ජාතිකයන් දෙදෙනකු සිටින අතර ඔවුන් මරච්චිකට්‌ටු, සිලාවතුර, පාලෛයිකුලම් සිලාවතුර හා එලත්තු මන්නාරම යන ලිපිනයෙහි පදිංචි වයස අවුරුදු 54, 52 හා 38 වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි.
ඉන්පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මවුලවිවරයා ඇතුලු සැකකරුවන් තිදෙනකු ජනවාරි මස 12 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

No comments:

Post a Comment

Post Bottom Ad