අගමැතිට හොරා කියන්න ජනාධිපතිට කිසිම අයිතියක් නෑ.. ජනාධිපති ඉල්ලන සටනට අපි ලෑස්තියි.. එහෙනම් බලමු..- බාහු වෙඩි මුර අරඹයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

අගමැතිට හොරා කියන්න ජනාධිපතිට කිසිම අයිතියක් නෑ.. ජනාධිපති ඉල්ලන සටනට අපි ලෑස්තියි.. එහෙනම් බලමු..- බාහු වෙඩි මුර අරඹයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන මාධ්‍ය ඔස්සේ විචාරයක් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරෙක් යයි ඉගි කල බව නව සම සමාජ පක්‍ෂ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

එසේ කිරීමට කිසිදු යුක්ති සහගත අයිතියක් ජනාධිපතිවරයාට නැති බවත් ඒවා තීන්දු කල යුත්තේ අධිකරණය විසින් බවත් ඒ මහතා සදහන් කරයි. තමනට එල්ල වූ චෝදනා ගැන රනිල් වික‍්‍රමසිංහ මහතා පිලිතුරු දෙන්න උත්සාහ දරද්දී ඔහුට හූ කියා ගස් ගැසීමට පිරිසක් පෙළඹවූ බවද ඔහු කියා සිටී. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

ජනාධිපතිවරයා දැන් තම බලය තවත් දිගු කර ගන්නා මාර්ගයන් ගැන සොයා බලමින් සිටින බවත් එය සාධනීය ගමනක් නොවන බවද ඔහු කීය. ජනාධිපතිවරයා සටන ඉල්ලන්නේ එසේනම් ඒ ආකාරයෙන් සටන් කිරීමට සූදානම් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad