සම අවස්ථා උල්ලංඝනය වෙලා කියා මංගලට විරුද්ධව සමනලී එක්ක තව කට්ටියක් උසාවි ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

සම අවස්ථා උල්ලංඝනය වෙලා කියා මංගලට විරුද්ධව සමනලී එක්ක තව කට්ටියක් උසාවි ගිහින්

කාන්තාවන්ට මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහණම ඉවත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණය නිසා තමන්ගේ සම අයිතීන් උල්ලංඝනය වී ඇති බව පවසමින් ජනප්‍රිය රංගන ශිලිපිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරා.
මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නිෂාන්ති බණ්ඩාරනායක , එම්.ඞී.ජේ.බී ප‍්‍රනාන්දු , සමනළී ෂානිකා ෆොන්සේකා ,චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන ,සබ්රීනා එසුෆුලි , ෂාරන්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන පිරිස විසින්.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩවී ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad